චීනය සමග වඩා සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව තායිලන්ත නව අගමැතිනිය පවසයි.
තායිලන්ත නව අගමැතිනිය ලෙස තේරී පත් වූ Paetongtarn Shinawatra මහත්මිය අද(18) සිය ධුරයේ දිව්රුම් දීමෙන් පසු චීන මාධ්‍ය සමූහය සමග සාකච්ඡාවකට එක් වෙමින් මේ බව පැවසුවාය.
තායිලන්තය හා චීනය අතර දිගු කාලයක් තිස්සේ ශක්තිමත් මිත්‍රත්වයක් පවතින බවත් චීන නායකයන් හමු වූ සෑම අවස්ථාවකදීම ඇයට ආචාරශීලී පිළිගැනීමක් ලැබුණු බව ද Paetongtarn මහත්මිය එහිදී සඳහන් කළාය.
තායිලන්ත පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයා Paetongtarn මහත්මියට අද(18) තායිලන්ත රජුගේ ආඥාව ප්‍රකාශ කළේය. එසේම Maha Vajiralongkorn රජු රටේ අගමැතිනිය ලෙස Paetongtarn Shinawatra මහත්මිය නිල වශයෙන් පිළිගන්නා බව ද සඳහන් කර ඇත.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්