චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(20) සවස බෙයිජිං මහජන මහ ශාලාවේ දී, විදේශීය පාර්ලිමේන්තු නායකයින් හමු විය. චීන ජාතික මහජන කොංග්‍රසය බහු රටවල පාර්ලිමේන්තු සංගමයට එක්වීමේ 40 වැනි සංවත්සරය සැමරීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හයවන සම්මන්ත්‍රණයට එක් වීම සඳහා, ඔවුහූ චීනයට පැමැණියහ.
ඒ ඒ රටවල පාර්ලිමේන්තු නායකයින් චීනයට පැමිණීම ෂී ජින් පිං මහතා ගේ පිළිගැනීමට ලක්විය. විවිධ රටවලට විවිධ ජාතික තත්ත්වයන් සහ කොන්දේසි පැවතියද, අප සියල්ලන්ම සමාන අදහස් ඇති යහපත් සහෝදරයන් සහ හොඳ හවුල්කරුවන් බව, හෙතෙම සඳහන් කළේ ය. ඒ ඒ රටවල් සමඟ, බහු ධ්‍රැවීයතාවක් සහිත සමාන හා ක්‍රමවත් ලෝකයක් මෙන්ම, සියලු දෙනාටම ප්රතිලාභ හිමිවන සහ ඉවසිලිවන්ත ආර්ථික ගෝලීයකරණයක් බිහි කිරීමට, චීනය කැමැත්තෙන් සිටී. එසේම ඒ ඒ රටවල් සමඟ, පොදු මානව ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමෙන්, පෘථිවිය සමගි සම්පන්න පවුලක් ලෙස ගොඩනඟීමට, චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.
ව්‍යවස්ථාදායක ආයතන අතර හුවමාරුව රාජ්‍ය සබඳතාවල වැදගත් කොටසක් බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය. ඒ ඒ රටවල ව්‍යවස්ථාදායක ආයතන සමඟ හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, තමන්ගේම ජාතික තත්ත්වයන්ට ගැලපෙන නවීකරණ මාවතක් ඒකාබද්ධව ගවේෂණය කිරීමටත්, චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම එහිදී කියා සිටියේ ය.
චීනය විසින් ඉදිරිපත් කරන “එක් තීරයක් එක් මාවතක්” වැඩපිලිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාරයේ මුලපිරුම පිළිබඳව, සියලුම පාර්ශවයන් ගේ ඇගයීමට ලක්ව තිබේ. චීනය සමඟ සමීප මිත්‍රශීලී හවුල්කාරිත්වයක් සංවර්ධනය කිරීමට සියලුම පාර්ශ්වයන් අවධානය යොමු කරන අතර, එකම චීනය මූලධර්මය දැඩිව පිළිපදින බව ද ඔවුහූ ප්‍රකාශ කළහ.
More Stories
යුරෝපය එකම චීනය මූලධර්මය අනුගමනය කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
චීන-බ්‍රසීල මානව හා සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම බ්‍රසීලයේ බ්‍රසීලියා හිදී
19වැනි ජී-20 නායක සමුළුවේ සමාප්ති උත්සවයට චීන ජනපති එක්වෙයි