ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා චීනයට පැමිණ තිබෙනවා. හෙතෙම ඊයේ (27) පස්වරුවේ බෙයිජිං අගනුවරට ළඟා වූ බවයි වාර්තා වන්නේ.
එහිදී චීන-ඇමරිකා උපායමාර්ගික අදහස් හුවමාරු කිරීමේ නව වටයට ද Jake Sullivan මහතා සහභාගි වීමට නියමිතයි.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරයකු චීනයට පැමිණියේ වසර 8 කට පසුව වීම විශේෂත්වයක්. මෙම සංචාරය, Jake Sullivan මහතා සිය ධුරයට පත්වීමෙන් පසු නිරත වන ප්රථම චීන සංචාරය ද වනවා. එමෙන්ම එය දෙරට නායකයන් San Francisco හමුවේදී එළඹුණු ද්විපාර්ශ්වික එකඟතා ක්රියාත්මක කිරීමේ වැදගත් පියවරක් වනු ඇති බව ද වාර්තා වනවා.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්