තායිවාන ප්රශ්නය චීන -ඇමරිකා සබඳතාවේ මූලික පදනම මෙන්ම ඉක්මවා යා නොහැකි සීමාවක් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම හමුදා කොමිසමේ උපසභාපති Zhang Youxia මහතා පවසයි.
හෙතෙම අද (29) මේ බව පැවසුවේ, ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා බෙයිජිං අගනුවරදී හමුවූ අවස්ථාවේයි.
චීනයේ සහ ඇමරිකාවේ හමුදා ක්ෂේත්රයන් හි ස්ථාවරත්වය දෙපාර්ශ්වයේම පොදු ජයග්‍රහණවලට අනුකූල වේ. එය ජගත් ප්‍රජාවේ පොදු අපේක්ෂාවක් බව ද Zhang Youxia මහතා එහිදී කියාසිටියේය. අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී යහපැවැත්ම හා සහයෝගිතා ඔස්සේ පොදු ජයග්‍රහණ ලබාගැනීම යන මූලධර්ම මත ඇමරිකාව සමඟ එක්ව ක්‍රියා කිරීම චීනයේ අපේක්ෂාව යි. ඇමරිකාව චීනය කෙරෙහි පවතින උපායමාර්ගික අවබෝධය නිවැරදි කර ගනිමින්, ප්‍රායෝගික හා තාර්කික ප්‍රතිපත්ති යළි ක්‍රියාවට නංවා, චීනයේ කේන්ද්‍රීය අවශ්‍යතාවන්ට ගරු කළ යුතු බව ද Zhang Youxia මහතා පැවසීය. දෙරටේ හමුදා ක්ෂේත්රයන් හි සංවාද පුළුල් කර, විශාල රටවල් සතු වගකීම් පොදුවේ භාර ගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
තායිවාන ප්රශ්නය චීනයේ කේන්ද්‍රීය පදනම හා බැඳී පවතී. එය චීන-ඇමරිකා සබඳතාවයේ දී ඉක්මවා යා නොහැකි සීමාවකි. ඇමරිකාව හා චීන තායිවාන ප්‍රදේශය අතර හමුදා සම්බන්ධතා නතර කරන ලෙසත්, එම ප්‍රදේශයට අවිආයුධ සැපයුම් මෙන්ම අසත්‍ය ප්‍රචාරය නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද Zhao Youxia මහතා එහිදී ප්‍රකාශ කළේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි