චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා හමු වේ. එම හමුව අද (29) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.
ගැටුම් සහිත මෙන්ම වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර තත්ත්වය හමුවේ විවිධ රටවලට අවශ්‍ය වන්නේ සමගිය හා සහයෝගතාව මිස, බෙදීම හෝ එදිරිවාදිකම් නොවන බව චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. ජනතාව අපේක්ෂා කරන්නේ විවෘතභාවය සහ සංවර්ධනය මිස, සංවෘතභාවය හෝ පසුබැසීම නොවන බව ද හෙතෙම අවධාරණය කළේය.
ලොව දැවැන්ත රටවල් දෙකක් වශයෙන් චීනය හා ඇමරිකාව ඉතිහාසය, ජනතාව මෙන්ම ලෝකය කෙරෙහි වගකීම්සහගතව ක්‍රියා කළ යුතු වේ. එසේම දෙරටම ලෝක සාමයේ ස්ථාවර මූලාශ්‍රය හා පොදු සංවර්ධනයේ ප්‍රවර්ධක ලෙස කටයුතු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා පැවසීය.
එකිනෙකාගේ තත්ත්වයන්හි මෙන්ම චීන-ඇමරිකා සම්බන්ධතාවේ ද විශාල වෙනස්කම් දක්නට ලැබුණද, ස්ථාවර, විධිමත් හා අඛණ්ඩ ව වර්ධනය කළ හැකි සම්බන්ධතාවක් පවත්වා ගැනීම පිළිබඳ චීනයේ ඉලක්කය වෙනස් වී නොමැත. අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී යහපැවැත්ම සේම සහයෝගතාවෙන් පොදු ජයග්‍රහණ ලබා ගැනීමේ මූලධර්මය ද කිසිවිටෙක වෙනස් නොවේ. එසේම, ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන අයිතීන් ආරක්ෂා කිරීම පිළිබඳ චීනයේ ස්ථාවරය සහ දෙරට ජනතාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය සහතික කිරීමේ උත්සාහය ද පෙර ලෙස ම පවතී.
ඇමරිකාව චීනය සමග සමාන දිශාවක් කරා ගමන් කරමින් සක්‍රිය හා තාර්කික ආකල්පයකින් යුතුව චීනය හා චීනයේ සංවර්ධනය සලකා බලනු ඇතැයි යන්න චීනයේ අපේක්ෂාවයි. දෙරට එකිනෙකාගේ සංවර්ධනය සැලකිය යුත්තේ තමන් සතු අවස්ථාවක් ලෙස මිස, අභියෝගයක් ලෙස නොවේ. දැවැන්ත රටවල සබඳතා පිළිබඳ නිවැරදි මාර්ගයක් ගවේෂණය කිරීමට ඇමරිකාව චීනය සමග එක්ව ප්‍රයත්න දරනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා එහිදී කියාසිටියේය.
ඇමරිකා-චීන නායකයන් සැන් ෆ්‍රැන්සිස්කෝහි හමුවීමෙන් අනතුරුව එළඹුණු පොදු එකඟතා භාරදූර ලෙස ක්‍රියාවට නංවා, සක්‍රිය ප්‍රගතීන් දිනා ඇතැයි ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා එහිදී පැවසීය. නව සීතල යුද්ධයක් දියත් කිරීම, චීනයේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කිරීම හෝ සන්ධාන සම්බන්ධතා ශක්තිමත් කිරීම මගින් චීන විරෝධී ප්‍රයත්න හඹා නොයන බවට යළි අවධාරණය කරන බව ද ඔහු පැවසීය.
තායිවාන ප්‍රදේශයේ ස්වාධීනතාවට අනුබල නොදෙන ඇමරිකාවට චීනය සමග ගැටුම් ඇති කරගැනීමේ වුවමනාවක් නොමැත. එකම චීනය මූලධර්මයෙහි එල්බ සිටීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රතිපත්තිය වෙනස් නොවන අතර, තායිවාන ප්‍රශ්නය මගින් චීනය මර්දනය කිරීමට ඇමරිකාව උත්සාහ නොකරයි.
චීනය සමග උපායමාර්ගික අදහස් හුවමාරු පවත්වාගෙන යමින් දෙරට සාමකාමී යහපැවැත්ම මෙන්ම ද්විපාර්ශ්වික සම්බන්ධතාව අඛණ්ඩව වර්ධනය කළ හැකි මාර්ගයක් විවර කර ගැනීම ඇමරිකාවේ බලාපොරොත්තුවකි. නුදුරු දිනක දී ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග යළි අදහස් හුවමාරු කර ගැනීම ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇතැයි ද Jake Sullivan මහතා එහිදී සඳහන් කළේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි