චීනය විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට වන අතර අප්‍රිකාව වැඩිම සංවර්ධනය වෙමින් පවතින රටවල් ප්‍රමාණයක් සහිත මහාද්වීපයයි. දිගු කාලයක් තිස්සේ පවතින සමාන ඓතිහාසික අත්දැකීම් සහ පොදු සංවර්ධන අභිලාෂයන් චීන-අප්‍රිකානු දෙපාර්ශ්වය සමීප මිතුරන් බවට පත් කර ඇත. මෙම චීන-අප්‍රිකානු සහයෝගිතාව පිළිබද CGTN සහ චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලය එක්ව මත විමසුමක් සිදු කර තිබේ.
එම සමීක්ෂණයකට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 90.4 විශ්වාස කරනුයේ චීන-අප්‍රිකා සහයෝගීතාවයේ භාවිතයන් සහ මූලධර්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට නියැදියක් සකසා ඇති අතර ජාත්‍යන්තර කටයුතු සඳහා ද වැදගත් විසඳුම් සපයා ඇති බවයි. චීනය අප්‍රිකානු රටවලට ඔවුන්ට අනන්‍ය නවීකරණ ක්‍රමයක් සඳහා සහයෝගය ලබා දී ඇත. එහෙයින් මෙම ද්විපාර්ශ්වික සබඳතාව දකුණු-දකුණු සහයෝගිතාව සහ ජාත්‍යන්තර සන්නිවේදනය සඳහා ආදර්ශයක් බව ඉන් පෙන්නුම් කෙරේ.
චීනය සිය විදේශ ප්‍රතිපත්තියේ දී අප්‍රිකානු රටවල් සමග ඇති සම්බන්ධතාවයට ප්රමුඛත්වයක් ලබා දී ඇති බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 80.9 ක් ප්‍රකාශ කරයි. එමෙන්ම ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 86.3ක් නව යුගයේ පොදු අනාගතයක් සමග වඩාත් සමීප චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීමට අපේක්ෂා කරති. චීන-අප්‍රිකා සහයෝගිතා සංසදය පිහිටුවීමේ සිට මේ දක්වා, චීනය අප්‍රිකාවේ කිලෝමීටර් 13,000 කට අධික මහාමාර්ග සහ දුම්රිය මාර්ග ඉදිකර ඇති අතර මහා පරිමාණ බලශක්ති පහසුකම් 80 කට වඩා ඉදිකිරීමට සහාය ලබා දී ඇත.
මේ අයුරින් අප්‍රිකානු ජනතාවට ප්රතිලාභ හිමි කර දෙමින් සමස්ත අප්‍රිකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය වැඩිදියුණු කිරීමට චීනය සහාය වී ඇති බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 88.9 ක් සඳහන් කර සිටී. එමෙන්ම සියයට 91.6 ක් විශ්වාස කරනුයේ චීන-අප්‍රිකා සහයෝගීතාව අප්‍රිකානු සංවර්ධනය වැඩිදියුණු කර ඇති බවයි. සියයට 70 ඉක්මවූ පිරිසක් අනාගතයේදීත් චීන-අප්‍රිකා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා පළ කළහ. ඒ තාක්ෂණය, ආර්ථිකය සහ වෙළෙඳාම, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍ර පහ ඔස්සේ ය.
” මිත්‍රත්වය ” යන්න චීන-අප්‍රිකා සබඳතාවයේ දී අනුගමනය කෙරෙන ප්‍රධාන මූලධර්මයකි. දෙපාර්ශ්වයේ ජනතාව අතර පවතින බැඳීම තුළ ගොඩනැගී ඇති මෙම සබඳතාව ජනතාවගේ මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් වැඩි දියුණු කර ඇති බව සියයට 89.6 ක පිරිසක් ප්‍රකාශ කරති. එමෙන්ම ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 89.2 ක් අප්‍රිකාව තුළ තවදුරටත් චීන සංස්කෘතික ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
වර්තමාන සංකීර්ණ සහ නිරන්තරයෙන් වෙනස් වන ජාත්‍යන්තර භූ දර්ශනය තුළ, චීන-අප්‍රිකා දෙපාර්ශ්වය බහුපාර්ශ්විකවාදය සඳහා පෙනී සිටින අතර, ආරක්ෂණවාදයට සහ ඒකපාර්ශ්විකවාදයට ද දැඩි ලෙස විරුද්ධ වේ.
මෙහිදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 78.2 ක් චීනය සිය සංවර්ධනය අප්‍රිකාවේ සංවර්ධනය සමග සම්බන්ධ කිරීමටත්, එම සංවර්ධන අවස්ථා අප්‍රිකාව සමග ඒකාබද්ධ කිරීමටත් කැපවී සිටින බව සඳහන් කරසිටී. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 89.7 ක් විශ්වාස කරනුයේ චීනය සහ අප්‍රිකානු රටවල් දෙපාර්ශ්වයේ මූලික අවශ්‍යතා වෙනුවෙන් අන්‍යෝන්‍ය සහයෝගය දැක්විය යුතු බවයි.
කැමරූන්, බොට්ස්වානා, ඊජිප්තුව, ඉතියෝපියාව, ඝානාව, කෙන්යාව, මොරොක්කෝව, නයිජීරියාව, දකුණු අප්‍රිකාව සහ ටැන්සානියාව යන අප්‍රිකානු රටවල් දහයක ප්‍රතිචාර දැක්වූවන් 10,125කගේ සහභාගීත්වයෙන් මෙම සමීක්ෂණය සිදු කිරීම ද විශේෂත්වයකි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි