චීන – කොංගෝ ජනපතිවරුන්ගේ හමුවක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කොංගෝ ජනාධිපති Felix Tshisekedi මහතා හමු වෙයි. හමුව අද (2) පෙරවරුවේ බෙයිජිං නුවර මහජන මහ ශාලාවේදී පැවැත්විණ. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සඳහා Felix Tshisekedi ජනාධිපතිවරයා බෙයිජිං නුවරට පැමිණ සිටී.

දෙරට සබඳතාව විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය දක්වා තමා සහ Tshisekedi මහතා පසුගිය වසරේ මැයි මාසයේ ඉහළ නංවා ඇති බව ෂී ජින්පිං මහතා එහිදී සිහිපත් කළේය. එම අවස්ථාවේ එළඹි එකඟතා රැසක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත. කොංගෝව සිය ස්වෛරීභාවය සුරකිමින් ස්වයං සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට චීනය අනුබලය ලබා දෙන බව හෙතෙම කියා සිටියේය. කොංගෝව සමග එක්ව අවස්ථා පුළුල් කර සහයෝගිතා තහවුරු කරමින් ‘ලෝකයේ දකුණු රාජ්‍යයන්’ ගෝලීය විපර්යාසය තුළ සාමය හා සංවර්ධනය සහතික කිරීමට චීනය සූදානම් බව ද චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

හමුවේදී ෂී ජින්පිං මහතාගේ දූරදර්ශී නායකත්වය අගය කළ Tshisekedi මහතා තම රටේ අන්තර්ජාතික සහයෝගිතාව තුළ චීනයට ඉහළ ප්‍රමුඛත්වය ලබා දෙන බව පැවසීය. එකම චීනය යන මූලධර්මය කොංගෝව දැඩි ලෙස අනුගමනය කරයි. තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි ප්‍රදේශයක් ලෙසට තම රට පිළි ගන්නා බව ද හෙතෙම කියා සිටියේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com