චීන ජනාධිපති ෂී ජින්පිං මහතා දකුණු අප්‍රිකානු ජනාධිපති Cyril Ramaphosa මහතා හමු වෙයි. හමුව බෙයිජිංහි මහජන මහ ශාලාවේදී පැවැත්විණ. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සඳහා Cyril Ramaphosa ජනාධිපතිවරයා බෙයිජිං නුවරට පැමිණ සිටී.
චීන-දකුණු අප්‍රිකානු සබඳතාව නව යුගයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය දක්වා සංවර්ධනය කරන බව දෙරට නායකයෝ ප්‍රකාශ කළහ.
චීනය සහ දකුණු අප්‍රිකාව අතර එකමුතුකම සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම දෙරට ජනතාවගේ පොදු අපේක්ෂාවන්ට සහ ගෝලීය දකුණු කලාපයේ ඓතිහාසික සංවර්ධනයට අනුකූල වන බවත් එය සංධිස්ථානයක් බවත් ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. චීන-දකුණු අප්‍රිකා නව සබඳතා පිළිබඳ දෙපාර්ශ්වයම දේශපාලනයේ පොදු ප්‍රගතිය, අන්‍යෝන්‍ය ලෙස වාසිදායක සහ පොදු-ජයග්‍රාහී සහයෝගීතාවය මෙන්ම පාරම්පාරික මිත්‍ර පැවැත්ම යන “දිශා තුන” ග්‍රහණය කර ගත යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේ ය.
දකුණු අප්‍රිකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා චීනය ලබා දෙන දිගුකාලීන සහයෝගයට Ramaphosa මහතා සිය කෘතඥතාව පළ කළේ ය. එකම චීනය යන මූලධර්මය දකුණු අප්‍රිකාව තදින් අනුගමනය කරන බවත් චීන-අප්‍රිකනු සහයෝගිතා සංසද රාමුව යටතේ දකුණු අප්‍රිකාව ඇතුළු විවිධ අප්‍රිකානු රටවලට බොහෝ ප්‍රතිලාභ අත් කර දී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
එම සාකච්ඡාවෙන් පසුව, නායකයන් දෙදෙනා ඉදිරිපිට ගිවිසුම් රැසක් අත්සන් කෙරිණ. බෙයිදු චන්ද්‍රිකා නාවික පද්ධති යෙදුම්, ද්විපාර්ශ්වික වෙළඳාම, සංස්කෘතික උරුමය ඇතුළු ද්විපාර්ශ්වික සහයෝගීතා ලේඛන ඊට ඇතුළත් විය.
“නව යුගයයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ස්ථාපිත කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව සහ දකුණු අප්‍රිකානු ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශය ” දෙපාර්ශ්වය විසින් නිකුත් කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි