ලෝක වාරි ව්‍යාපෘති උරුම ලැයිස්තුවට චීනයේ තවත් ව්‍යාපෘති 4ක් ඇතුළත් කෙරේ.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අද(3) පැවති ජාත්‍යන්තර වාරිමාර්ග හා ජලාපවහන කමිටුවේ 75 වැනි විධායක කමිටු රැස්වීමේදී 2024 වසරේ 11 වැනි කාණ්ඩයේ ලෝක වාරි ව්‍යාපෘති උරුම ලැයිස්තුව එළි දැක්විණ. එහීදී චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ Turpan හි Karez වාරි ළිඳ, අන් හුවෙයි පළාතේ Huizhou හි Huiba – චියං ශි පළාතේ Wuyuan හි Shihe වේල්ල, Shaanxi පළාතේ Hanyin හි Fengyan හෙල්මළු ක්‍රමය සහ Chongqing නගරයේ Xiushan Jufeng වාරි ව්‍යාපෘතිය නව ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
ඒ අනුව, ලෝක වාරි ව්‍යාපෘති උරුම ලැයිස්තුවට ඇතුළත් වූ චීනයේ ව්‍යාපෘති ගණන 38ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය චීනය පොහොසත් වාරි උරුමයන් සහිත, බහුවිධ ආකාරයේ, වඩාත් පුළුල් ව්‍යාපෘති හා කැපී පෙනෙන වාරිමාර්ග ප්රතිලාභ ලද රටක් බව යළි සනාථ කර ඇත.
ලෝක වාරි ව්‍යාපෘති උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ වසර සියයකට අධික ඉතිහාසයක් සහිත වාරි ව්‍යාපෘති ය. මෙම ලැයිස්තුව 2014 වසරේ ස්ථාපිත කර ඇති අතර ජාත්‍යන්තර වාරිමාර්ග හා ජලාපවහන කමිටුව වාර්ෂිකව තෝරා ගැනීම් සිදු කරයි .
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි