චීන-අප්‍රිකානු නවීකරණයන් හි සංහිඳියාව

චීන ව්‍යවසායක ආධාරය යටතේ ඉදි කර ඇති කොට් ඩිවොයෙරේ ජනරජයේ Cocody පාලම ජනතා අයිතියට භාර දීමේ පළමුවැනි සංවත්සරය පසුගිය දා පැවැත්විණ. එම පාලම විවෘත කිරීමත් සමග, එහි ජනතාව ගමන් බිමන්වල නිරත වීමේ දී ගත වන කාලය සැලකිය යුතු අයුරින් අවම කර තිබේ. එපමණක් නොව, රැකියා අවස්ථා රැසක් නිර්මාණය කර ඇති අතර එරට ආර්ථික සංවර්ධනය තහවුරු කර තිබීම ද කැපී පෙනේ.

Cocody පාලම සේ ව්‍යාවෘති රැසක් අප්‍රිකාවේ දක්නට ලැබේ. මෑත වසර 10ක් තුළ, චීනය හා අප්‍රිකානු රටවල් අතර සහයෝගිතා වඩාත් ඉහළ මට්ටමකට පිවිසීමත් සමග, එහිදී චීන ව්‍යවසායන් මහා මාර්ග, වරාය, පාලම් ඉදි කර ඇති අතර, ‍පරිසර බලශක්ති ව්‍යාපෘති ද ක්‍රියාවට නංවා තිබේ. අප්‍රිකාවේ අලිගැටපේර, තල, රටකජු ඇතුළු කෘෂි නිෂ්පාදනයන් චීන ජාතිකයන්ගේ පරිභෝජනය උදෙසා ප්‍රවාහනය කිරීමත් විශේෂත්වයකි.

හෙට(04) චීනයේ බෙයිජිං හි පැවැත්වීමට නියමිත 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව දෙපාර්ශ්වය ‘අත්වැල් බැඳගෙන නවීකරණය තහවුරු කරමින් පොදු ඉරණම සහිත ඉහළ මට්‍ටමේ චීන-අප්‍රිකානු ප්‍රජාව ගොඩනැංවීම’ට සවියක් ලබා දෙනු නිසැකය. Africanews වෙබ් අඩවිය පවසන්නේ මෙම සමුළුව මගින් තිරසර, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැපයීමට හැකි චීන-අප්‍රිකානු සහයෝගිතා සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කළ හැකි වනු ඇති බවයි.

චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදය ස්ථාපිත කර වසර 24ක් ගත වී ඇත. එහි සාමාජිකත්වය දරන රටවල් සංඛ්‍යාව 55කි. චීනයේ නිල වාර්තාවකට අනුව, ගතවූ වසර 10ක් තුළ, චීන ව්‍යවසායන් කොන්ත්‍රාත් පදනම මත අප්‍රිකාවේ දී අත්සන් කර ඇති ව්‍යාපෘතීන්හි වටිනාකම ඇ.ඩො. බිලියන 700 ඉක්මවා ඇත. එහි ජනතාව කෝටි 90කට වැඩි පිරිසක් ඉන් ප්‍රතිලාභ අත්විඳ ඇති අතර, අප්‍රිකානු රටවල ආර්ථික සංවර්ධනයන්ට ගාමක බලයක් හිමි කර දීම ද කැපී පෙනේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com