චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(4) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී සෙනගාල ජනාධිපති Bassirou Diomaye Faye මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය. චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක් වීමට මෙන්ම, චීනයේ නිල සංචාරයක් සඳහා, Bassirou Diomaye Faye මහතා චීනයට පැමිණ සිටී.
අන්‍යෝන්‍ය මූලික අවශ්‍යතා සහ ප්‍රධාන උත්සුකයන් සම්බන්ධ ගැටළුවලදී, සෙනගාල ජනරජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. දෙරටේ සංවර්ධන උපායමාර්ග අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින්, පොදු සංවර්ධනය ඉටු කිරීමට ද අපේක්ෂා කෙරේ. සෙනගාලය සමග, බහුපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම, ජාත්‍යන්තර සාධාරණත්වය, යුක්තිය සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා ඒකාබද්ධව ආරක්ෂා කිරීමට ද, චීනය කැමැත්තෙන් සිටී. සංසදයේ සිව්වන අප්‍රිකානු සම-සභාපති රට ලෙස, සෙනගාලය චීන-අප්‍රිකා එක්සත්කම සහ සහයෝගිතාවය සඳහා වැදගත් දායකත්වයක් ලබා දී ඇති බව, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය. මෙම සමුළුව සම්පූර්ණයෙන් සාර්ථක කර ගැනීම සඳහා, සෙනගාලය සමග සමීපව කටයුතු කිරීමට චීනය කැමති බව ද හෙතෙම එහිදී කියා සිටියේ ය.
මේ අතර සෙනගාලය සහ චීනය බොහෝ සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති අතර, එය සෙනගාලයේ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කර ඇති බව Bassirou Diomaye Faye මහතා සඳහන් කළේ ය. එකම චීනය යන මූලධර්මය සෙනගාලය දැඩි ලෙස අනුගමනය කරයි. සෙනගාල-චීන විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට සෙනගාලය අවධානය යොමු කරන බව, හෙතෙම පෙන්වා දුන්නේ ය.
මෙම සාකච්ඡාවලින් අනතුරුව, ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාත්මක කිරීම, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාව, හරිත සංවර්ධනය යන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන රැසකට දෙරට නායකයින් ඉදිරියේ අත්සන් තැබිණ. ‘විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම මෙන්ම, ඉහළ මට්ටමේ පොදු ඉරණමක් සහිත චීන-සෙනගල් ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ, චීන මහජන සමූහාණ්ඩුව සහ සෙනගල් ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශය’ ද දෙපාර්ශ්වය විසින් එහිදී නිකුත් කරන ලදි.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්