චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා හමු වෙයි. හමුව අද(05) දහවල් බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. 2024 චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක්වීම සඳහා António Guterres මහතා බෙයිජිං නුවරට පැමිණ සිටී.
කලක සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය අප්‍රිකාව වෙත ඉහළ අවධානයක් යොමු කිරීම පිළිබඳව චීනය අගය කරන බව ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව, සහයෝගිතා පුළුල් කරමින් අප්‍රිකාවේ සාමය, ස්ථාවරත්වය හා පුනර්ජීවනය වෙනුවෙන් පොදුවේ පිටුබලයක් ලබා දීමට චීනය කැමැත්තෙන් සිටී. සැබෑ බහුපාර්ශ්වවාදයට අනුගත වීම, ජාත්‍යන්තරයේ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන භූමිකාවට සහාය දැක්වීම චීනයේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ඒකායන මූලධර්මය බව හෙතෙම අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධ විවිධ ක්ෂේත්රවල කටයුතු වෙනුවෙන් අඛණ්ඩ ව සක්‍රිය ලෙස පෙනී සිටින චීනය, ලෝක සාමය හා සංවර්ධනය උදෙසා මහඟු දායකත්වයක් ලබා දීමට කැමති බව ද ෂී ජින්පිං මහතා කියා සිටියේය.
චීනය හා අප්‍රිකාව අතර පවතින සහයෝගිතාව, අප්‍රිකාවට එල්ල වූ ඓතිහාසික අසාධාරණය අවම කිරීමට ඉවහල් වන බව António Guterres මහතා පැවසීය. එවැනි සහයෝගිතා අප්‍රිකාවට සිය සාමය හා සංවර්ධනය සාක්ෂාත් කරගැනීමට ද හිතකර ය. චීනය සමග එක්ව සහයෝගිතා තහවුරු කරමින් වඩාත් යුක්ති සහගත ගෝලීය පාලනය සහතික කිරීමටත් මානව ඉරණම සහිත පොදු ප්‍රජාව ගොඩනැංවීමටත් ජගත් සංවිධානය සූදානම් බව ද එහි මහලේකම්වරයා කියා සිටියේය.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්