චීනයේ 40 වැනි ගුරු දිනය අද (10) යි. ඒ නිමිත්තෙන් චීන ජාතික අධ්‍යාපන සම්මේලනය ඊයේ (09) සහ අද බෙයිජිං අගනුවර දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින්පිං මහතා සම්මේලනය අමතමින් රට පුරා ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතුවූවන් වෙත ශුභාශිංසන පිරිනැමීය.
ගුරු ගෞරවය සහ අධ්‍යාපනයට ලබාදෙන ප්‍රමුඛතාව චීන ජාතියේ පාරම්පරික උතුම් සම්ප්‍රදායක් බව ෂී ජින්පිං මහතා මෙහිදී කියාසිටියේය. ගුරුවරුන්ගේ කේන්ද්‍රීය කාර්යභාරය පිළිබඳ උපදෙස් දුන් හෙතෙම ඔවුන්ගේ දීමනා මෙන්ම ග්‍රාමීය ගුරු දීමනා නිසි ලෙස ලබා දිය යුතු බව ද පැවසීය. එසේ ම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ක්‍රමවේද ප්‍රතිසංස්කරණය ද විධිමත් ව පවත්වා ගත යුතු වේ. ගුරුවරුන්ගේ වෘත්තීය අභිමානය හා අයිතිවාසිකම් සුරකිමින් ඔවුන්ගේ අධ්‍යාපනික නොවන අතිරේක රාජකාරි අවම කළ යුතු බවත්, විශ්‍රාම දිවියේ පහසුකම් සහතික කළ යුතු බවත් චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මීට අමතරව, ප්‍රවීණ ගුරුවරුන්ගේ සේවාවන් සහ ඔවුන්ගේ පරමාදර්ශී කාර්යභාරයන් ඉහළ ඇගැයීමට ලක් කර ඔවුන්ට නිසි ගෞරවය පිරිනැමිය යුතු බවට ද චීන ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ