බ්‍රික්ස් රටවලට ආරක්ෂාව පිළිබඳ තර්ජනයන්ට මුහුණ දීම වෙනුවෙන් චීනය යෝජනාවක් ඉදිරිපත් කරයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික මෙන්ම එම සභාවේ විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ වන්ග් යී මහතා ඊයේ(11) ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවති බ්‍රික්ස් රටවල ආරක්ෂාව පිළිබඳ උසස් පෙළේ නියෝජිතයන්ගේ 14 වැනි රැස්වීමට එක්වෙමින් මේ බව පැවසීය. ආරක්ෂාව සම්බන්ධයෙන් එම රැස්වීමේ ඉහළ අවධානය යොමුවිය.
ආරක්ෂාව පිළිබඳ තර්ජනයන්ට මුහුණ දීමේදී ප්‍රථමයෙන් ම සාමකාමී සහජීවනයෙන් රැඳී සිටිය යුතු බව වන්ග් යී මහතා පවසයි. සාමකාමී සහජීවනය පිළිබඳ පංචශීල මූලධර්මය ඉදිරිපත් කිරීමේ 70වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇත. මෙය අනුගමනය කිරීම සඳහා බ්‍රික්ස් රටවල් පෙරටුගාමී කාර්යභාරයක් ඉටු කරමින් එකමුතුව, සහයෝගිතා සහ ස්වාධීනත්වය තහවුරු කළ යුතු ය. බහුපාර්ශ්වවාදයට අනුගත වෙමින් දේශපාලනික ක්‍රමයෙන් අර්බුදයන් විසඳා ගැනීමට කැප විය යුතුය. එසේ ම යුක්තසහගත භාවය දැඩිව ආරක්ෂා කළ යුතු බව ද වන්ග් යී මහතා සඳහන් කළේය.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉදිරිපත් කර තිබේ. බ්‍රික්ස් රටවල් සමග එක්ව, එම මුලපිරුම නිසි ලෙස අනුගමනය කරමින් ආරක්ෂාව පිළිබඳ සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට චීනය සූදානම් බව ද වන්ග් යී මහතා පෙන්වා දුන්නේය.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්