ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සහ විවිධ සහයෝගතා මුලපිරුම් ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීමට චීන සහ ඉරාන නිලධාරීහු සම්මුතියකට පැමිණෙති.
චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Ali Ahmadian මහතා අතර හමුවක් ඊයේ(12) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතු BRICS ඉහළ පෙළේ නිලධාරීන්ගේ රැස්වීමට සමගාමීව පැවැත්විණ.
ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ අභිමානය සුරැකීමට ඉරානය ගන්නා උත්සාහන්ට චීනය සහාය පළ කරන බව වං යී මහතා එහි දී පැවසීය. බාහිර අතපෙවීම් මෙන්ම අධික මර්දනයට චීනය විරුද්ධ වන අතර ඉරානයට මෙන්ම අනෙකුත් කලාපීය රටවලට තම ගැටළු සන්නිවේදනයෙන් සහ උපදේශනයෙන් විසඳා ගැනීමටත් කලාපීය සබඳතා වැඩි දියුණු කිරීමට සහාය වීමටත් චීනය සූදානම් බව ද ඔහු සඳහන් කළේය.
ඉරාන-චීන විස්තීර්ණ සහයෝගතා සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහ ආර්ථික හා වෙළඳ ආයෝජන, ඩිජිටල් තාක්ෂණය, සංස්කෘතිකමය සංචාර මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රයන්හි සමස්ත ප්‍රායෝගිත සහයෝගතාව වැඩි දියුණු කිරීම සඳහා චීනය සමග කටයුතු කිරීමට නව ඉරාන රජයේ ඇති කැමැත්ත Ali Ahmadian මහතා අවධාරණය කළේය. බෙයිජිං හි පැවති ඉරාන-සෞදි සංවාදයට චීනයේ සාර්ථක මැදිහත්වීම ඉරානය අගය කරන අතර ජාත්‍යන්තර ප්‍රජාව තුළ වගකිවයුතු රටක් ලෙස චීනයේ භූමිකාව තහවුරු කරන බව ද ඔහු පැවසීය.
ගාසා තීරය සඳහා කල්පවතින සටන් විරාමයක් මෙන්ම අංග සම්පූර්ණ හමුදා ඉවත් කිරීමක් ඇති කිරීමේ සහ ද්විරාජ්‍ය විසදුම හැකි ඉක්මනින් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම ද දෙපාර්ශ්වය අවධාරණය කළහ.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්