ජර්මානු යුද නෞකා තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම පිළිබඳව චීනය සිය අප්‍රසාදය පළ කරයි. ඊයේ (13) ජර්මානු යුද නෞකා දෙකක් තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර ඇත. එම යාත්‍රා කිරීම කිසිදු පාර්ශ්වයකට අදාළ නොවන බව ජර්මානු පාර්ශ්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ද එවැනි ක්‍රියා නාවික නිදහස පිළිබඳ ජගත් මූලධර්මයට සහායවීමක් බව විදෙස් මාධ්‍ය පවසා ඇත.
මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය එදින පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා ය. තායිවාන ප්රශ්නය එකම චීනය මූලධර්මය හා සම්බන්ධ වන වැදගත් මාතෘකාවකි. තායිවාන ප්රශ්නය ඊනියා නාවික නිදහසට අදාළ නැති බවත්, එය චීනයේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට අදාළ බවත්, මෞ නිං මහත්මිය එහිදී කියා සිටියා ය. චීනය විවිධ රටවල නාවික නිදහසට ගරු කරයි. එහෙත් නාවික නිදහස මුවාවෙන් චීනයේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව අභියෝග කිරීමේ ඕනෑම ක්‍රියාවකට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ