චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ “Chang’e-6” මෙහෙයුමට එක් වූ පර්යේෂකයන්ගේ නියෝජිතවරුන් හමු වෙමින් වැදගත් දේශනයක් පවත්වයි.
එම හමුව අද(23) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.
චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කර ඇත්තේ චීනය වසර ගණනාවක් පුරා විද්‍යාත්මක හා තාක්ෂණික ස්වයං-විශ්වාසය හා ස්වයං-වැඩිදියුණු කිරීම මගින් ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණ බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.
සිහින ලුහුබැඳීම, ගවේෂණය කිරීමට නිර්භිත වීම සහ සහයෝගිතා හා පොදු ජයග්‍රහණ කේන්ද්‍ර කරගත් චන්ද්‍ර ගවේෂණ ජීවගුණය සමාජය පුරා පුළුල් ලෙස ප්‍රවර්ධනය කරමින් සමස්ත චීන ජනතාවගේ ජාතික ආත්ම විශ්වාසය සහ අභිමානය තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
චීනයේ අභ්‍යවකාශ ඉතිහාසයේ උසස්ම තාක්ෂණික මට්ටමේ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම ලෙස, මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට Chang’e-6 යානයෙන් චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයෙන් ලබාගත් සාම්පල රැගෙන ඒම විශේෂත්වයකි. එය අනාගතයේ දී චීනයේ චන්ද්‍ර සහ ග්‍රහලෝක ගවේෂණය සඳහා ශක්තිමත් පදනමක් දමා ඇත.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්