ආර්ථික හා වෙළඳ ප්‍රශ්න දේශපාලනීකරණය කිරීම මෙන්ම අනිසි තීරුබදු පියවර ක්‍රියාත්මක කිරීම සිදු නොකළ යුතු බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සඳහන් කරයි. නිව්යෝර්ක්හි දී ඊයේ(24) ජර්මානු විදේශ අමාත්‍ය Annalena Baerbock මහත්මිය සමග පැවති ද්විපාර්ශ්වික හමුවක දී හෙතෙම මේ බව පැවසීය. ඒ විදේශ අමාත්‍යවරුන් දෙපළ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ 79 වැනි සැසිවාරය සඳහා සහභාගී වීමට නිව්යෝර්ක් නුවරට පැමිණ සිටියදී ය. පවතින වෙළඳ ආරවුල් විසඳා ගැනීමට සංවාද සහ උපදේශනවලට යොමු වන ලෙස හෙතෙම ජර්මනියෙන් සහ යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.
චීනය සහ යුරෝපා සංගමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් පසු ගෙවී ගිය අඩසියවසකට ආසන්න ඉතිහාසයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම දෙපාර්ශ්වයටම මෙන්ම ලෝක ස්ථාවරත්වයට හිතකර වී ඇති බවත්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් සහයෝගිතාව දෙපාර්ශ්වයේ සබඳතා සඳහා පදනම බව ද හෙතෙම අවධාරණය කළේ ය.
බොහෝ ජර්මානු සමාගම් චීනයේ නවීකරණය, පූර්ණ ප්‍රතිසංස්කරණ හා උසස් තත්ත්වයේ විවෘත කිරීම් තුළින් නව අවස්ථා නතු කර ගැනීමට සමත් වූ බව ද Wang Yi මහතා ප්‍රකාශ කළේය.
මේ අතර Annalena Baerbock මහත්මිය එහිදී පැවසුවේ චීනය ජර්මනියේ වැදගත්ම වෙළඳ සහකරු බවයි. එමෙන්ම ද්විපාර්ශ්වික සහයෝගිතාවය පුළුල් පරාසයක පවතින අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ජයග්‍රාහී ප්රතිලාභ ලබා ගැනීමට හැකි වී ඇතැයි ද ඇය සඳහන් කර ඇත.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්