චීන නවීකරණය තුළින් ලොවට නව අවස්ථා ගෙන එන බව චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසනවා. එක්සත් ජාතීන‍්ගේ මහ මණ්ඩලයේ 79 වන සැසිවාරය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළා.
එමෙන්ම න්‍යෂ්ටික අවි සහිත රටවල් 5 අතරින් පළමුව න්‍යෂ්ටික අවි භාවිත නොකරන බවට ප්‍රතිඥා දී ඇත්තේ ද චීනය පමණක් බව ද, සාමය ගොඩනැංවීමට ප්‍රමුඛස්ථානයක් ලබා දෙන බවද චීන විදේශ ඇමතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.
ඉහළ මට්ටමේ විවෘතභාවය, වීසා රහිත ප්‍රවේශය පුළුල් කිරීම, ඉහළ ගුණාත්මකභාවයෙන් එක් තීරයක් එක් මාවතක් සංවර්ධනය, 2030 තිරසර සංවර්ධන ඉලක්කය සපුරා ගැනීමට ශක්තිමත් පියවර ගැනීම,ගෝලීය දකුණු සහයෝගීත්වය වේගවත් කිරීම මෙන්ම ආසියාවේ සාමය හා සංවර්ධනය වෙනුවෙන් ක්‍රියා කිරීමේ පියවර ඊට අදාළ බව චීන විදේශ ඇමතිවරයා ප්‍රකාශ කළා. ශිෂ්ටාචාර අතර සංවාදය වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් නම් කරන ලෙසට චීනය යෝජනා කර ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්