ලෙබනනය සහ ඊශ්‍රායලය අතර ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට කඩිනම් පියවර ගත යුතු බව චීනය පවසයි. ඊයේ(03) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අදාළ සාකච්ඡාවේ දී චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
ගෝලීය සාමය සහ ආරක්ෂාව සහතික කිරීමේ මූලික වගකීම ආරක්ෂක මණ්ඩලය සතු ය. එහෙයින් පවතින තත්ත්වය යටතේ ආරක්ෂක මණ්ඩලය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු අතර පැහැදිලි සහ නිශ්චිත යෝජනා ඉදිරිපත් කිරීමේදී එක්සත්ව කටයුතු කළ යුතු බව ද හෙතෙම පැවසීය.
මේ අතර ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ආරම්භ කළ යුතු ය. එමෙන්ම ප්රචණ්ඩත්වය අවසන් කිරීමට අදාළ පියවර ක්‍රියාත්මක කරමින් සටන් ව්‍යාප්ත වීම වැළැක්වීමට සෑම උත්සාහයක්ම ගත යුතුව ඇත. එපමණක් නොව අදාළ පාර්ශ්ව සමග දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික විසඳුම් පිළිබඳ මාවතකට යළි පිවීසීම ද වැදගත් වනු ඇත.
මේ අතර බලපෑමක් කළ හැකි ප්‍රධාන රටවල් වගකීමෙන් යුතුව ක්‍රියා කරමින් එහි තත්ත්වය තවදුරටත් උග්රවීම වැළැක්වීමට ඵලදායී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද Fu Cong මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්