චීනයේ විදුලි මෝටර් රථවලට සහනාධාර විරෝධි රේගු බදු වසර පහක් සඳහා පැනවීම පිළිබඳ යුරෝපා සංගමය අද(4) ඡන්ද විමසීමක් පැවැත්වීය. තම සංගමයේ සාමාජික රටවල සහාය ඊට හිමි වූ බව යුරෝපා සංගම් කමිටුව නිකුත් කළ නිවේදනයෙන් පෙන්නුම් කෙරිණ.
මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ චීන වාණිජ මණ්ඩලය එදිනම නිවේදනයක් සිදු කරමින් යුරෝපා සංගමය වෙළඳ ආරක්ෂණවාදය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කළේය. චීනයේ විදුලි මෝටර් රථවලට යුරෝපා සංගමය සහනාධාර විරෝධි විමර්ශන සිදු කිරීම, දේශපාලන අරමුණක් මත සිදු කළ අසාධාරණ වෙළඳ ආරක්ෂණවාදී ක්‍රියාවක් බව චීන වාණිජ මණ්ඩලය ප්‍රකාශ කර ඇත. එම රේගු බදු පැනවීමෙන් චීන සමාගම්වලට පමණක් නොව යුරෝපයේ හා ගෝලීය සමාගම් චීනයේ විදුලි මෝටර් රථ නිෂ්පාදනය කිරීමට ද බාධා එල්ල කළ හැකි ය. ඉන් යුරෝපා වෙළඳපොලේ තරඟකාරීත්වයට හා ගෝලීය විදුලි මෝටර් රථ නිෂ්පාදන දාමයේ ජීවයට හානි සිදු වනු ඇතැයි චීන වාණිජ මණ්ඩලය අවධාරණය කර සිටී.
මේ අතර, චීනයේ විදුලි මෝටර් රථවලට සහනාධාර විරෝධි රේගු බදු පැනවීමේ තීරණ කෙටුම්පත යුරෝපා සංගමය සම්මත කිරීම පිළිබඳව චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා අද(4) චීනයේ ස්ථාවරය පැහැදිලි කර ඇත.
යුරෝපා සංගමය අසාධාරණ, අතාර්කික සහ අක්‍රමවත් ලෙසින් ගත් මෙම ආරක්ෂණවාදී ක්‍රියාවට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව හෙතෙම සඳහන් කළේ ය. අඛණ්ඩව සාකච්ඡා කර ප්රශ්නය විසඳීමට ඇති යුරෝපා සංගමයේ දේශපාලන කැමැත්ත චීනය පිළිගනු ඇත. ඒ අනුව චීන-යුරෝපා තාක්ෂණික කණ්ඩායම් ලබන 7 වනදා අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. එමෙන්ම චීන සමාගම්වල අයිතිවාසිකම් දැඩි ලෙස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් චීනය අවශ්‍ය සියලු පියවර ගනු ඇති බව ද හෙතෙම අවධාරණය කර ඇත.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්