චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ උතුරු කොරියාවේ නායක Kim Jong-un මහතා අද(06) සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගනිති. ඒ දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙනි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා සිය පණිවිඩයේ සඳහන් කර ඇත්තේ වසර 75කට පෙර චීනය හා උතරු කොරියාව නිල වශයෙන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිට වූ අතර එය සංධිස්ථානගත අවස්ථාවක් ලෙස සැලකෙන බවයි. දෙරට සාම්ප්‍රදායික මිතුදම, කාලයාගේ ඇවෑමෙන් ජාත්‍යන්තර වටපිටාවේ වෙනස්වීම්වලට ද ඔරොත්තු දී ඇති අතර, එය දෙරට හා දෙරට ජනතාවගේ වටිනා සම්පතක් බවට පත් ව ඇත. නව යුගයේ නව තත්ත්වයන් හමුවේ, උතුරු කොරියාව සමග එක්ව, දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය නිමිති කරගෙන මිත්‍රශීලී හුවමාරු හා සහයෝගීතා තහවුරු කරමින් දෙරටේ සමාජවාදී මෙහෙයුම් තවදුරටත් ඉදිරියට ගෙන යාම සහතික කිරීමට චීනය කැමති බව ද ෂී ජින්පිං මහතා සිය පණිවිඩයෙන් පෙන්වා දී ඇත.
මේ අතර උතුරු කොරියානු කම්කරු පක්ෂයේ මහලේකම්, රාජ්‍ය මණ්ඩල සභාපති Kim Jong-un මහතා සිය පණිවිඩයෙන් පැවසුවේ දීර්ඝ ඉතිහාසයක් සහ යහපත් සාම්ප්‍රදායක් සහිත උතුරු කොරියානු-චීන මිත්‍රත්වය අඛණ්ඩ ව පවත්වා ගෙන යාම දෙරටේ ප්‍රධාන ප්‍රතිලාභවලට අනුකූල වන බවයි. කම්කරු පක්ෂය හා රජය නව යුගයේ දෙරටේ මිත්‍රශීලී සහ සහයෝගී සබඳතා තවදුරටත් තහවුරු කිරීමට කැප වන බව ද හෙතෙම සඳහන් කළේය.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්