ගාසා තීරයේ යුද තත්ත්වය උත්සන්න නොකරන්නැයි චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(9) විවෘත රැස්වීමක් කැඳවමින් ගාසා තීරයේ මානුෂීය තත්ත්වය පිළිබඳව සාකච්ඡා පැවැත්වීය. ඊශ්‍රායලය විසින් ‘මෑත පෙරදිග ප්‍රදේශයේ පලස්තීන සරණාගතයින්ගේ සහන කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය’ට එරෙහිව සිදු කළ අපසාහ කිරීම හා මර්දනය කිරීමට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව ද චීන පාර්ශ්වය එම රැස්වීමේදී අවධාරණය කර ඇත.
ගාසා තීරය ලොව අපායක් බවට පත්ව තිබෙන බවත් මානුෂීය සහනාධාරය එහි ජනතාවගේ බලාපොරොත්තුව බවත් එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆූ ට්සොන්ග් මහතා එහිදී පැවසීය. මෑත පෙරදිග ප්‍රදේශයේ පලස්තීන සරණාගතයින්ගේ සහන කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ කාර්යභාරය අතිශයෙන් වැදගත් වන අතර ඒ සඳහා විකල්පයක් නොමැත. එම නියෝජිතායතනයට අදාළ ඊශ්‍රායල පනත කෙරේ චීනය දැඩි සැලකිල්ලක් දක්වයි. මානුෂීය සහනාධාර, අවි ආයුධ ලෙස යොදා නොගෙන ගාසා තීරයට තහංචි හා මානුෂවාදී සහනාධාර ප්රවේශවීමේ සීමාව ඉවත් කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානුෂීය ආයතන සමග සහයෝගතා පවත්වන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ආයාචනය කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
More Stories
චීනයේ ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානය සාර්ථක ව දියත් කෙරේ
චීන හා පින්ලන්ත ජනාධිපතිවරුන් අතර හමුවක්
චීන – පින්ලන්ත ජනපති ආර්යාවන් සුහද පිළිසඳරක