චීන ජනපති සහ චීනයට මිත්‍රශීලී ජාත්‍යන්තර නියෝජිතයින් අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන ජාත්‍යන්තර මිත්‍රත්ව සම්මේලනයට සහ විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන චීන මහජන සංගමය පිහිටුවීමේ 70වැනි සංවත්සර සැමරුම්වලට සහභාගී වන විදේශ අමුත්තන් හමු වේ.

එම හමුව අද(11) උදෑසන බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.

ජනතාව අතර මිත්‍රත්වය ජාත්‍යන්තර සබඳතාවල ස්ථාවරත්වය සහ දිගුකාලීන සංවර්ධනය සඳහා පදනම වන අතර ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා තිරසර ගාමක බලවේගයක් බව ෂී ජින්පිං මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු වසර 75 තුළ, චීනය විවිධ ක්ෂේත්‍රයන්හි ලබා ඇති ජයග්‍රහණ ලොව පුරා සිටින ජනතාවගේ සහයෝගය හේතුවෙන් වෙන් කළ නොහැකි බව හෙතෙම සඳහන් කළේය.

විවිධ රටවල මිතුරන් සමඟ මිත්‍රශීලී හුවමාරු ශක්තිමත් කොට පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන චීන මහජන සංගමය, චීන සහ විදේශීය ජනතාව අතර මිත්‍රත්වය වැඩිදියුණු කොට ජාත්‍යන්තර ප්‍රායෝගික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම යනාදී ක්ෂේත්‍රවල සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමටත් විවිධ රටවල ජනතාව අතර මිත්‍රත්වය අඛණ්ඩව ගැඹුරු කිරීමටත් චීන රජය සැම විටම සහාය දක්වන බව ද හෙතෙම කියා සිටියේය.

මෙම අවස්ථාවට විදේශ රටවල හිටපු දේශපාලනඥයන්, රාජකීය පවුලේ සාමාජිකයන්, ජාත්‍යන්තර මිත්‍රත්ව සංවිධානවල ප්‍රධානීන් සහ විවිධ මිත්‍රශීලී පුද්ගලයන් ඇතුළු 200ක පමණ පිරිසක් සහභාගි වූහ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com