බ්‍රික්ස් නායකයින්ගේ 16 වන සමුළුව අද(22) සිට ලබන 24වැනිදා දක්වා රුසියාවේ Kazan නගරයේ දී පැවැත්වීමට නියමිත ය. ආරාධනයකට අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුවට සහභාගී වීම සඳහා රුසියාවට පිටත් විය. මෙවර සමුළුව බ්‍රික්ස් සාමාජික රටවල් සංඛ්‍යාව පුළුල් කිරීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම සමුළුව මෙන්ම‘පුළුල් බ්‍රික්ස් සහයෝගිතාවයේ’නව ආරම්භයකි. 30කට වැඩි රටවල හා ජාත්‍යන්තර සංවිධානවල නායකයෝ එහිදී සංවර්ධනය පිළිබඳ පොදුවේ සාකච්ඡා කිරීමට සූදානමින් සිටිති.
‘බ්‍රික්ස් රටවල් ගෝලීය ආර්ථිකය කෙරෙහි වැඩි දායකත්වයක් ලබා දීම’ සහ ‘ජාත්‍යන්තර සබඳතාවයේ නව යුගයකට පිවිසීම’ ප්‍රධාන කර ගනිමින් ජාත්‍යන්තර මාධ්‍ය එය අගය කර ඇත. ඒ සමගම තායිලන්තය, කියුබාව, සිරියාව සහ බෙලරුසියාව යනාදී 30කට වැඩි රටවල්‘බ්‍රික්ස්’ සංවිධානයට එක් වීම පිළිබඳ කැමැත්ත ප්‍රකාශ කර තිබේ. වත්මන් කැළඹිලි සහගත ගෝලීය තත්ත්වය හමුවේ බ්‍රික්ස් සහයෝගීතාව වඩ වඩාත් ජනප්‍රිය වන්නේ ඇයි ද යන්න විමසා බැලීම කාලෝචිත ය.
එක් පසකින්, යම් ප්‍රධාන රටවල් භූ දේශපාලනික අරමුණු සඳහා අලුතින් නැඟී එන වෙළඳපොළ රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් පාලනය කර යටපත් කර ඇත. අනෙක් පසින් සාමූහිකව වර්ධනය වෙමින් පවතින‘ගෝලීය දකුණේ’සහයෝගීතාව නව යුගයේ ආපසු හැරවිය නොහැකි ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. මෙකී පසුබිම යටතේ, බ්‍රික්ස් සහයෝගීතා යාන්ත්‍රණයේ විවෘතභාවය, පරිපූර්ණත්වය සහ ජයග්‍රාහී සහයෝගිතාව යන ජීවගුණය දකුණු-දකුණු සහයෝගීතාව සඳහා නව දිශාවක් නිර්මාණය කර තිබේ.
එසේම එම සහයෝගීතා යාන්ත්‍රණය සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු සංවර්ධනය සාක්ෂාත් කරගැනීමට අනුකූල වන අතර එය විවිධ රටවල් ගෝලීය පාලන ව්‍යුහයට එක් වීම සඳහා වේදිකාවක් හා නව අවස්ථාවක් සපයා ඇත.
එහි ආරම්භක සාමාජිකයෙකු ලෙස, චීනය සෑම විටම බ්‍රික්ස් සහයෝගීතා යාන්ත්‍රණයේ ස්ථීර ආධාරකරුවෙකු හා සක්‍රිය පාර්ශ්වකරුවෙක් ලෙස වැදගත් ප්රමුඛ කාර්යභාරයක් ඉටු කොට තිබේ. බ්‍රික්ස් සාමාජික රටවල් අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ පොදු න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා චීනය ඉදිරියටත් විශාල දායකත්වයක් ලබා දෙනු ඇත.
චීනය ඇතුළු සෙසු සාමාජික රටවල පොදු ප්රයත්නයන් යටතේ මෙවර සමුළුව කැළඹිලි සහිත ලෝකයට වැඩි ස්ථාවරත්වයක් සහ ධනාත්මක ශක්තියක් ලබා දෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.
More Stories
නවාකාරයෙන් යුත් චීන සංවර්ධනය පිළිබිඹු කෙරෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය
සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්රජාතන්ත්රවාදය චීනය ආශ්චර්ය දෙකක් නිර්මාණය කිරීමේ වැදගත් සහතිකයකි
මහා පරිමාණ තහනම් උත්තේජක ගැටලුව සම්බන්ධයෙන් ඇමරිකාව ලෝකයට පැහැදිලි කිරීමක් ලබා දිය යුතුයි-චීනය