7වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙයි. මෙම ප්‍රදර්ශනය නොවැම්බර් මස 5වැනි දා සිට 10වැනි දා දක්වා ශැංහයි නුවරදී පැවැත්වෙන බව චීන වාණිජ අමාත්‍යාංශය අද (23) බෙයිජිං හි පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ය. මීට සමගාමීව හොං ඡියාඕ ජාත්‍යන්තර ආර්ථික සංසදය ද පැවැත්වීමට නියමිත බව චීන වාණිජ අමාත්‍යාංශය පැවසීය.
මේ වන විට මෙම ප්‍රදර්ශනයේ සියලු කටයුතු සූදානම්ව අවසන් වී තිබේ. මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමස්ත ප්‍රදර්ශන භූමිය වර්ග මීටර් 4 ලක්ෂ 20 දහස ඉක්මවයි. රටවල්, කලාප හා ජගත් සංවිධාන 152ක් පමණ ප්‍රදර්ශනයට එක් වනු ඇත. 7වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සහභාගි වන රටවල් හා ව්‍යවසායන් සංඛ්‍යාව මෙන් ම ලොව ප්රබලතම ව්‍යවසායන් හා කර්මාන්ත අංශයේ ප්රමුඛ පෙළේ ව්‍යවසායන් සංඛ්‍යාව ද වාර්තාගත මට්ටමකට ළඟා වීම විශේෂත්වයකි.
More Stories
චීනයේ ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානය සාර්ථක ව දියත් කෙරේ
චීන හා පින්ලන්ත ජනාධිපතිවරුන් අතර හමුවක්
චීන – පින්ලන්ත ජනපති ආර්යාවන් සුහද පිළිසඳරක