ඇමෙරිකා ජනාධිපතිවරණ සටන මේ වන විට දැඩි උණුසුම් වී තිබෙනවා. ඇමෙරිකා ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදී ඇති කාලයේ අවසන් දින කිහිපයයි මේ ගෙවී යන්නේ. ලබන මස පස්වන අගහරුවාදා එරට ජනාධිපතිවරණය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා.
ඊයේ ලාස් වේගාස් හි නෙවාඩා නගරයේදී හිටපු ජනාධිපතිවරයා ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂක උප ජනාධිපති කමලා හැරිස්ගේ සංක්‍රමණික ප්‍රතිපත්ති දැඩිව විවේචනය කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එමෙන්ම කමලා හැරිස් ජෝර්ජියා ප්‍රාන්තයේ පැවති මැතිවරණ ප්රචාරක රැළියකට සහභාගී වූ අතර ඇමෙරිකාවේ මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් තමන් සටන් කරන බවයි එහිදී ඇය සඳහන් කළේ.
අපේක්ෂකයින් දෙදෙනා කරට කර තරගයක නිරතව සිටියද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේදී තරගයේ ඉදිරියට පැමිණ ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා.
More Stories
ඇමරිකාවේ තීරුබදු පියවර තුළින් චීන ආර්ථිකයට දිගුකාලීනව බලපෑම් කිරීමට ප්රයත්න දැරීම සිහිනයකි
TikTok තහනම් නීතිය යළිත් දින 75කින් කල් දමයි
ඇමරිකානු තීරුබදු පැනවීමට එරෙහිව චීන රජයෙන් ප්‍රතිපියවර