කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් දුන්හිඳ ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.අනතුරෙන් බස් රථයේ ගමන් කළ 39 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ දී මාර්ගයේ පසෙකට පෙරළී යාමෙනුයි මෙම අනතුර සිදු වුයේ.එම විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුන් පිරිසක් එහි ගමන් කර තිබෙනවා.ක්ෂේත්‍ර චාරිකාවක යෙදී සිටි සිසුන් පිරිසකුයි මෙලෙස අනතුරට ලක් වුණේ.තුවාල ලැබුවන් බදුල්ල ශික්ෂණ රෝහල ඇතුලත් කර තිබෙනවා.
ප්‍රදේශවාසීන්, පොලීසිය , යුද හමුදාව, බදුල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් එක්ව වාහනයේ සිර වී සිටි තුවාලකරුවන් ඉවතට ගෙන තිබෙනවා.බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් පැයකට අධික කාලයක් ඔවුන් බේරාගැනීමේ කටයුතුවල නිතර වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.ප්‍රතිකාර ලබන කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේ.සිද්ධිය පිළිබද බදුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ