සාර්ථක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් යළි පෘථිවියට

{"ARInfo":{"IsUseAR":false},"Version":"1.0.0","MakeupInfo":{"IsUseMakeup":false},"FaceliftInfo":{"IsChangeEyeLift":false,"IsChangeFacelift":false,"IsChangePostureLift":false,"IsChangeNose":false,"IsChangeFaceChin":false,"IsChangeMouth":false,"IsChangeThinFace":false},"BeautyInfo":{"SwitchMedicatedAcne":false,"IsAIBeauty":false,"IsBrightEyes":false,"IsSharpen":false,"IsOldBeauty":false,"IsReduceBlackEyes":false},"HandlerInfo":{"AppName":2},"FilterInfo":{"IsUseFilter":false}}

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක කාලයක් සිය රාජකාරි කටයුතු සිදු කළ චීන ගගනගාමීන් තිදෙනෙකු යළි සාර්ථකව පෘථිවියට පැමිණි බව චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා.

Ye Guangfu, Li Cong සහ Li Guangsu නම් මෙම ගගනගාමීන් තිදෙනා  රැගත් Shenzhou-18 අභ්‍යවකාශ යානයේ කැප්සියුලය, උතුරු චීනයේ ඇතුළු මොංගෝලියාවේ ස්වයං පාලන ප්‍රදේශයේ Dongfeng ගොඩබෑමේ ස්ථානයට ළගා වී තිබෙනවා. ඒ බෙයිජිං වේලාවෙන් අද පෙරවරු 1:24 ට පමණ. 

පුරා දින 192ක් අභ්‍යවකාශයේ රැඳී සිට මෙලෙස පෘථිවියට පැමිණි ගගනගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බව ද වාර්තා වනවා.

මෙම ගගනගාමීන් සිය මෙහෙයුම් අතරතුර, ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය, අභ්‍යවකාශ ද්‍රව්‍ය විද්‍යාව, මූලික භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර ආශ්‍රිත පර්යේෂණ රැසකට දායක වුණා. එමෙන්ම දීර්ඝ කාලයක් අභ්‍යවකාශයෙහි ඇවිද යමින් ඔවුන් පසුගිය මැයි මාසයේ දී නව වාර්තාවක් ද පිහිට වූ අතර එය චීන ගගනගාමීන් විසින් මෙතෙක් සිදු කරන ලද දීර්ඝතම ඒක පුද්ගල අභ්‍යවකාශ ගමන ලෙස ඉතිහාසයට ද එක් වනවා.  චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ වැඩසටහනට අනුව 2025 වසරේ දී ද Shenzhou-20 සහ Shenzhou-21 අභ්‍යවකාශ මෙහෙයුම් දියත් කිරීමට නියමිත බව ද චීන අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා

WP Twitter Auto Publish Powered By : XYZScripts.com