හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය(CIIE) සහ Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය චීනයේ ශැංහයි හිදී ආරම්භ වේ. අද(05) එහි සමාරම්භක උත්සවය ශැංහයි ජාතික ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්විණ. ඒ චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අග්‍රාමාත්‍යවරයා සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය ද සිදු කළේ ය.
උස්බෙකිස්තාන අගමැති Abdulla Aripov, මැලේසියානු අගමැති Anwar Ibrahim, මොන්ගෝලියා අගමැති Luvsannamsra Oyun-Erdene, සර්බියානු අගමැති Milos Vucevic යන මහත්වරුන් මෙන්ම ස්ලෝවැකියානු උප අගමැතිනි Denisa Sakova මහත්මිය ද සමාරම්භ උත්සවයට එක්වෙමින් දේශන පැවැත්වූහ. එමෙන්ම ලෝක වෙළඳ සංවිධානයේ(WTO) අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය ද වීඩියෝ ආකාරයෙන් සම්බන්ධ වෙමින් දේශනයක් සිදු කළා ය.
අද(05) සිට 10 වනදා පැවැත්වෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට රටවල් සහ කලාප 129 කින් ප්‍රදර්ශකයින් 3,496ක් එක් වනු ඇත. මෙවර ප්‍රදර්ශනයට Fortune Global 500 නියෝජනය කරන සමාගම් 297ක් මෙන්ම ඒවායෙහි කර්මාන්ත ප්‍රධානීන් ද එක් වීමෙන් නව වාර්තාවක් සනිටුහන් කෙරේ. නව්‍ය නිෂ්පාදන, නව්‍ය තාක්ෂණයන් සහ නව සේවා 400කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනයට සමගාමීව එළිදැක්වීම ද විශේෂත්වයකි.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්