ඇමරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් CNN ආයතනය සිදු කළ සමීක්ෂණයකට අනුව, ඡන්ද දායකයින්ගෙන් හතරෙන් තුනක් පමණ ඇමරිකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ සෘණාත්මක මතයක් දරන බව හෙළිවෙයි. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක්ව ඇති බව ඔවුහූ විශ්වාස කරති. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 40% ක් පමණ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය බරපතල තර්ජනයට ලක්ව ඇති බව සඳහන් කර ඇත.
ඇමරිකාවේ පවතින තත්වය පිළිබඳව හතරෙන් එකක පමණ පිරිසක් තෘප්තිය පළ කළ නමුත් 30% ක පමණ පිරිසක් සිය කෝපය පළ කළහ. සමීක්ෂණයට එක්වූ ඡන්ද දායකයින්ගෙන් 70% ක් පමණ පවසා ඇත්තේ මැතිවරණය ප්‍රචණ්ඩත්වයට හේතු වනු ඇතැයි තමන් කණස්සල්ලට පත්ව සිටින බවයි.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්