ආසියා ශාන්තිකර කලාපයේ ආර්ථික සහයෝගීතාව හා ජී20 කණ්ඩායමේ සහයෝගීතාව කෙරෙහි චීනය ඉමහත් සැලකිල්ලක් දක්වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.
ඇය එසේ පැවසුවේ අද(8) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා APEC සංවිධානයේ නායකයින්ගේ නිල නොවන රැස්වීමට හා ජී20 කණ්ඩායම් නායකයින්ගේ 19වන රැස්වීමට එක්වීමට නියමිතය.
ෂී ජින්පිං ජනාධිපතිවරයා APEC සංවිධානයේ නායකයින්ගේ නිල නොවන රැස්වීමට එක්වීම, චීනය ආසියා ශාන්තිකර කලාපය සම්බන්ධයෙන් සිදු කරන වැදගත් රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් යැයි මාඕ නිං මහත්මිය කියා සිටියාය. ජනාධිපතිවරයා එම රැස්වීමේදී වැදගත් දේශනයක් පවත්වමින් චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමේ පියවර සහ ආසියා ශාන්තිකර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීනයේ ප්‍රතිපත්ති හා ස්ථාවරය පිළිබඳව පැහැදිලි කරනු ඇතැයි ඇය සඳහන් කළාය.
ජී20 නායකයින්ගේ සමුළුවේදී චීනයේ අපේක්ෂාව සම්බන්ධයෙන් ද ඇය ප්‍රකාශ කළාය. සමානාත්මතාවයෙන් යුත්, විධිමත් බහුධ්‍රැවීය ලෝකයක් හා පොදු ප්‍රතිලාභී ආර්ථික ගෝලීයකරණයකට මුලපිරීමෙහි චීනය නිරත ව සිටී. රියෝ ද ජැනයිරෝහි පැවැත්වෙන ජී20 කණ්ඩායමේ නායක රැස්වීම, බහුපාර්ශ්විකවාදය, විවෘත ලෝක ආර්ථිකය සහ අඛණ්ඩ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් සක්‍රිය ජයග්‍රහණ දිනා ගැනීමට විවිධ පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරයි. එසේම පොදු සමෘද්ධිය හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ දී විවිධ රටවලට පවතින අභියෝගයන්ට පොදුවේ මුහුණ දීම සඳහා පෙළඹවීමක් ඇති කිරීමට චීනය කටයුතු කරනු ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
යුරෝපය එකම චීනය මූලධර්මය අනුගමනය කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
චීන-බ්‍රසීල මානව හා සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම බ්‍රසීලයේ බ්‍රසීලියා හිදී
19වැනි ජී-20 නායක සමුළුවේ සමාප්ති උත්සවයට චීන ජනපති එක්වෙයි