මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වනවා.
පසුගිය ඔක්තෝබර් 30 වනදා නොවැම්බර් පළමුවනදා , 4 වනදා සහ 7 යන දිනයන්හි දී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට අද දිනයේ ද අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය භාවිත කළ හැකි වනවා.
ඡන්දය භාවිත කිරීමට සිය අනන්‍යතාව තහවුරු කළ යුතු වනවා.
ජාතික හැදුනුම්පත , වලංගු රියදුරු බලපත්‍රය , විදේශ ගමන් බලපත්‍රය භාවිත කළ හැකියි.
මැතිවරණ කොමිසම නිකුත් කළ තාවකාලික හැදුනුම්පත සහ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ තහවුරු කිරිමේ ලිපිය ද ඒ සඳහා ඉදිරිපත් කළ හැකියි.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි