සයිබර් අපරාධවලට එරෙහිව ඒකාබද්ධව සටන් කිරීම සඳහා ඒ ඒ රටවල සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බව චීනය පවසයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (8) පරිගණක ජාල වෙත පිවිස කප්පම් මුදල් ඉල්ලා සිටින ransomware මෘදුකාංග ප්රශ්නය සම්බන්ධයෙන් විවෘත රැස්වීමක් පැවැත්විය. ජාත්‍යන්තර සයිබර් අපරාධ කණ්ඩායම් ලොව පුරා වෛද්‍ය ආයතන ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කිරීම සහ කප්පම් මුදල් ඉල්ලා සිටීම පිළිබඳව එම රැස්වීමේදී විශේෂයෙන් අවධානය යොමු කෙරිණ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර උප නියෝජිත Geng Shuang මහතා චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය. Ransomware මෘදුකාංග ප්‍රශ්නයට ඒකාබද්ධව මුහුණ දිය යුතු අතර, ඒ ඒ රටවල් තොරතුරු බෙදා ගැනීම හා තාක්ෂණික, නීතිමය හා අධිකරණ සහයෝගීතා ශක්තිමත් කළ යුතු බව Geng Shuang මහතා පැවසීය.
සයිබර් අවකාශයේ සාමකාමීත්වය ස්ථිර ලෙස සහතික කරමින් සයිබර් යුද්ධකරණය හා සයිබර් අවි ආයුධ තරගයට විරෝධ දැක්විය යුතු යැයි ඔහු පැවසීය. Ransomware ඇතුළු සයිබර් අපරාධ තාක්ෂණ ව්‍යාප්ත වීම මූලික වශයෙන් වැළැක්විය යුතු බව ද Geng Shuang මහතා එහිදී අවධාරණය කර ඇත.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්