ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 63,145ක් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම පැවසුවේ ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 3200ක් මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද යෙදවීමට නියමිත බවය. එමෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් 12, 227ක් යෙදවීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.
කැරලි මර්දන කණ්ඩායම් 214ක් සූදානම් කර ඇති බවත් යම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් ආවරණය කිරීමට බුද්ධි නිලධාරීන් යෙදවීමටත් පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර ඇත.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්