APEC සංවිධාන නායකයින්ගේ වාර්ෂික රැස්වීම් ඊයේ (10) පේරු රාජ්‍යයේ Lima අගනුවර දී ආරම්භ කෙරිණ. ආසියා ශාන්තිකර කලාපීය ආර්ථීක ඒකකයන් 21ක රාජ්‍ය නායකයන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නොවන ව්‍යවසායන්, විශේෂඥයන් හා මාධ්‍යවේදීන් ඊට එක්වීමට නියමිතය.
APEC සංවිධාන නායකයින්ගේ 31වන නිල නොවන රැස්වීම එළඹෙන 16 වනදා පැවැත්වෙනු ඇත. මෙවර රැස්වීමේදී විවෘතභාවය, නිදහස් හා සාධාරණ වෙළඳාම තහවුරු කිරීම, සමාජයේ ඒ ඒ අංශ ආවරණය වන පරිදි ආර්ථීකයේ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, ගෝලීය බලශක්ති ව්‍යුහය වෙනස් කිරීම මෙන්ම ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කෙරේ.
1989 වසරේ ස්ථාපිත කරන ලද APEC සංවිධානය දැනට සාමාජික රටවල් 21කින් හා නිරීක්ෂණ සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත ය. එය ආසියා ශාන්තිකර කලාපීය ඉහළම මට්ටමේ, සියලු ක්ෂේත්‍ර ආවරණය කරන වඩාත්ම බලගතු ආර්ථික සහයෝගීතා යාන්ත්රණයයි.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්