ගෙවීයන 2024 වසර වාර්තාගත උණුසුම් ම වසරක් බවට පත් විය හැකි බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය කියයි.
COP29 සමුළුව අතරතුර එම සංවිධානය නිකුත් කළ “2024 කාලගුණ දත්ත යාවත්කාලීන කිරීම” නමැති වාර්තාවට අනුව, එල්නිනෝ ස්වභාවයන් හේතුවෙන්, 2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සාමාන්‍ය ගෝලීය මතුපිට උෂ්ණත්වය පූර්ව කාර්මිකකරණ සමයට වඩා සෙල්සියස් අංශක 1.54කින් පමණ වැඩිවී ඇත. එමෙන්ම, ග්ලැසියර ඛාදනය, මුහුදු මට්ටම ඉහළ යාම සහ සාගර උණුසුම් වීම වේගවත් වෙමින් පවතින අතර, ආන්තික කාලගුණික තත්ත්වයන් ලොව පුරා සමාජයන්ට සහ ආර්ථිකයන්ට බරපතල හානියක් සිදු කරමින් පවතී.
පැරිස් සම්මුතියේ උෂ්ණත්ව පාලන ඉලක්කයට අනුව, මෙම සියවස අවසන් වන විට ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය වැඩිවීම පූර්ව කාර්මිකකරණ සමයට සාපේක්ෂව සෙල්සියස් අංශක 2ක් තුළ පාලනය කළ යුතු අතර, එම උෂ්ණත්වය වැඩිවීම සෙල්සියස් අංශක 1.5ක් ඇතුළත පාලනය කිරීමට උත්සාහ කළ යුතුය.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්