චීනය හා පේරු රාජ්‍යය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි

{"ARInfo":{"IsUseAR":false},"Version":"1.0.0","MakeupInfo":{"IsUseMakeup":false},"FaceliftInfo":{"IsChangeEyeLift":false,"IsChangeFacelift":false,"IsChangePostureLift":false,"IsChangeNose":false,"IsChangeFaceChin":false,"IsChangeMouth":false,"IsChangeThinFace":false},"BeautyInfo":{"SwitchMedicatedAcne":false,"IsAIBeauty":false,"IsBrightEyes":false,"IsSharpen":false,"IsOldBeauty":false,"IsReduceBlackEyes":false},"HandlerInfo":{"AppName":2},"FilterInfo":{"IsUseFilter":false}}

විස්තීර්ණ  උපායමාර්ගික හවුල්කාරිත්වය ගැඹුරු කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව සහ පේරු ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරේ. 

පේරු ජනාධිපතිනි Dina Boruarte මහත්මියගේ ආරාධනයට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නොවැම්බර් 14 වනදා පේරු රාජ්‍යයේ නිල සංචාරයක නිරත ව සිටී. දෙරටේ නායකයින් ලීමා අගනුවර ජනාධිපති මන්දිරයේ දී සාකච්ඡා පැවැත්වූ අතර ද්විපාර්ශ්වික සබඳතා සහ පොදු අවධානයට ලක්වූ කරුණු පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගනිමින් පුළුල් එකඟතාවන්ට පැමිණ තිබේ.

“2024 වසරේ සිට 2029 වසර දක්වා ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්ම”, ද්විපාර්ශ්වික සබඳතා තවත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා වැදගත් වන බවත් චීනයේ සංවර්ධනය පේරු ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට නව සහයෝගීතා අවස්ථා උදාකර දී ඇති බවත් දෙපාර්ශ්වය අවධාරණය කරති.

සිය තත්ත්වයට අනුව ආර්ථික හා සමාජ සංවර්ධන මාවතක් අනුගමනය කිරීම සඳහා පේරු රාජ්‍යය වෙත සහය ලබා දෙන බව චීනය යළි අවධාරණය කරයි. එකම චීනය ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමනය කරන බව පේරු රාජ්‍යය යළි ප්‍රකාශ කර ඇත.

මෙම සංචාරයේදී චීන-පේරු නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීමේ ක්‍රියා පිළිවෙළ පිළිබඳ මුල් කෙටුම්පතට අත්සන් කිරීම දෙපාර්ශ්වය සාදරයෙන් පිළිගෙන ඇත.

Chancay වරාය සාර්ථකව විවෘත කිරීම සඳහා සුබ පැතුම් යොමු කරමින් එය ඉතා වැදගත් අවස්ථාවක් බව දෙපාර්ශ්වය විශ්වාස කරති.

අන්තර් පැසිෆික් හවුල්කාරිත්වය සඳහා වන විස්තීර්ණ සහ ප්‍රගතිශීලී ගිවිසුමට එක්වීමට චීනයේ කැමැත්ත පේරු රාජ්‍යය සාදරයෙන් පිළිගනී.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල යටතේ නව සහයෝගීතා අවස්ථා ඒකාබද්ධව ගවේෂණය කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සහ දෙරටේ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා උත්සාහ කරනු ඇතැයි දෙපාර්ශ්වය ප්‍රකාශ කරති.

ගෝලීය පරිපාලන ක්‍ෂේත්‍රයේදී බහුපාර්ශ්වවාදයට අනුබල දෙන බව ද දෙපාර්ශ්වය යළි අවධාරණය කරති.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com