අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණය සාක්ෂාත් කර ගැනීමට ප්‍රංශය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා හමු වෙයි. එම හමුව බ්‍රසීල වේලාවෙන් 19වැනිදා රියෝ ද ජැනයිරෝ හිදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා 19වැනි ජී-20 නායක සමුළුවට එක් වන අතරතුර එම හමුව සිදුවිය.

ජගත් ප්‍රජාව සාමුහිකව ගෝලීය අභියෝගවලට මුහුණදීම‍ට පෙළඹවීම, චීනය හා ප්‍රංශය වැනි ප්‍රබල රටවල වගකීම බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. උපායමාර්ගික සංවාද පුළුල් කිරීම, එකිනෙකාට සහාය ලබාදීම මෙන්ම දෙරට සබඳතාව යහපත් ලෙස වර්ධනය කිරීම මගින් චීන-යුරෝපා සබඳතාව හා ලෝක සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් වඩාත් දැවැන්ත දායකත්වයක් දෙපාර්ශ්වය ලබා දිය යුතු බව හෙතෙම කියා සිටියේය. ප්‍රංශය සමග සංස්කෘතික, අධ්‍යාපන, යොවුන් කටයුතු ඇතුළු ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතා අඛණ්ඩව පුළුල් කරමින් උසස් පෙළේ ආර්ථික හා මූල්‍ය සංවාද, ආර්ථික හා වෙළඳ කමිටු ඇතුළු ක්‍රම ඔස්සේ සහයෝගිතා ශක්තිමත් කිරීම සහ මතභේද මනා ලෙස විසඳීම මගින් අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණය සාක්ෂාත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

චීනය සමග දෙරට නායකයන්ගේ එකඟතාවන් ක්‍රියාවට නංවමින් උසස් පෙළේ හුවමාරු ශක්තිමත් කරමින් දෙරට අතර නව සබඳතා ස්ථාපිත කිරීමට ප්‍රංශය අපේක්ෂා කරන බව Emmanuel Macron මහතා ප්‍රකාශ කළේය. චීනය සමග මනා ලෙස ආර්ථික හා වෙළඳ මතභේද පාලනය කිරීම, ආර්ථික හා වෙළඳ සබඳතාව යහපත් ලෙස වර්ධනය කිරීම තහවුරු කිරීම, දේශගුණ විපර්යාසයට මුහුණදීම‍, කෘත්‍රිම බුද්ධිය, ගෝලීය පරිපාලනය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමට ප්‍රංශය කැමැත්තෙන් සිටින බව ද Emmanuel Macron මහතා පවසා ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com