නව වන පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ස්ථාවර නියෝග 115 විධිවිධානවලට අනුව සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කතානායකවරයාත්, නියෝජ්‍ය සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාත්, කටයුතු කරනු ඇති.
මේ අතර අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, මහින්ද සමරසිංහ, අලි සබ්රි, ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර, ඩිලාන් පෙරේරා, අනුර කුමාර දිසානායක , රවුෆ් හකීම්, රිෂාඞ් බදියුර්දීන්, මනෝ ගනේසන් සහ එම් ඒ සුමන්තිරන් යන මහත්වරුන් ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත් කර ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ.
මීට අමතරව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත් කර තිබෙනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ