චීනය හා පෘතුගාලය වඩාත් සමීප සහයෝගීතාවක් පවත්වා ගැනීමට එකඟතාව පළ කරයි. ඉකුත් 21වැනි දා සිට 23වැනි දා දක්වා චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා පෘතුගාලයේ නිල සංචාරයක නිරත විය. එම සංචාරයේදී හෙතෙම පෘතුගාල ජනාධිපති Marcelo Rebelo de Sousa , අගමැති Luis Montenegro සහ කථානායක Jose Pedro Aguiar-Branco යන මහත්වරුන් හමු වී තිබේ.
පෘතුගාල ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමු වූ අවස්ථාවලදී Zhao Leji මහතා ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉහළින් අගය කළේ ය. දෙරට නායකයන්ගේ උපායමාර්ගික මඟපෙන්වීම් යටතේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ක්‍රමානුකූලව ඉදිරියට පවත්වාගෙන යමින් පවතී. චීන-පෘතුගාල විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතා අඛණ්ඩව ශක්තිමත් වන බව ද හෙතෙම කියාසිටී. පෘතුගාලය සමග ඉදිරියේදී කෘත්‍රිම බුද්ධිය හා පවිත්‍ර බලශක්ති ඇතුළු ක්ෂේත්රවල නවාකාරයේ සහයෝගීතා පැවැත්වීමටත්, ආයෝජන, විද්‍යා තාක්ෂණ නවෝත්පාදනය ඇතුළු ක්ෂේත්රවල සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරයි. එමෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජගත් සංවිධාන තුළ ද්විපාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද චීනය බලාපොරොත්තු වන බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
චීනය හා පෘතුගාලය ඉතා සමීප මිත්‍ර රටවල් දෙකක් බවත් , චීනය පෘතුගාලයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු බවත්, පෘතුගාල ජනාධිපතිවරයා හා අගමැතිවරයා කියා සිටියහ. චීනය සමග එක්ව වඩාත් පුළුල් අන්දමින් විවිධ ක්ෂේත්රවල සහයෝගිතා පැවැත්වීමට පෘතුගාලය කැමැත්තෙන් සිටී. එකම චීනය ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරන බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත.
චීනයේ උත්තරීතර බලායතනයේ ප්‍රධානියා වශයෙන් Zhao Leji මහතා පෘතුගාල කථානායක Jose Pedro Aguiar-Branco මහතා හමු වූ අවස්ථාවේදී දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය වශයෙන් නීති සම්පාදනය පිළිබඳව අදහස් හුවමාරු කර තිබේ. දෙරට විවිධ මට්ටමේ නීති සම්පාදන ආයතන අතර හුවමාරු වඩාත් සක්‍රිය කරනු ඇති බවට ඔවුන් එකඟතාව පළ කර තිබේ.
More Stories
යුරෝපය එකම චීනය මූලධර්මය අනුගමනය කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
චීන-බ්‍රසීල මානව හා සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම බ්‍රසීලයේ බ්‍රසීලියා හිදී
19වැනි ජී-20 නායක සමුළුවේ සමාප්ති උත්සවයට චීන ජනපති එක්වෙයි