‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදු ප්රයත්න යටතේ ගොඩ නැංවීම පූර්ණ වශයෙන් තහවුරු කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. හෙතෙම අද(02) බෙයිජිං හි පැවති ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ගොඩ නැංවීමේ සිව් වන රැස්වීමේ දී මේ බව අවධාරණය කළේය. මේ සඳහා උපායමාර්ගික ආත්ම විශ්වාසය සහතික කරමින් සිය වගකීම් හා යුතුකම් අභිමානයෙන් දැරිය යුතු බවට ෂී ජින්පිං මහතා එහිදී උපදෙස් දී තිබේ.
වත්මන් දැඩි හා සංකීර්ණ ජාත්‍යන්තර පරිසරය යටතේ, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ඒකාබද්ධව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමේදී අවස්ථා සහ අභියෝග පවතින නමුත්, සමස්ත වශයෙන්, අවස්ථාවන් අභියෝගවලට වඩා වැඩි බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.
‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ඒකාබද්ධව ගොඩනැගීම 2013 වසරේ දී යෝජනා කෙරිණ. එතැන් සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය මෙන්ම විවිධ පාර්ශ්වයන්ගේ ප්රයත්න යටතේ එම වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල් අතර සහයෝගතා ක්ෂේත්‍ර අඛණ්ඩව පුළුල් වී එහි ජාත්‍යන්තර බලපෑම් ක්‍රමයෙන් ශක්තිමත් වී ඇතැයි ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබේ. එයින් විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගෙන තිබෙන අතර වැඩපිළිවෙළ පොදුවේ ඒකාබද්ධව ගොඩනැගීමෙන් ඊට සම්බන්ධ රටවල ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා චීනයේ දායකත්වයක් ලබා දී තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.
මෑත වසරවලදී, ඒකපාර්ශ්වවාදය සහ ආරක්ෂණවාදය සැලකිය යුතු ලෙස වැඩිවෙමින් පවතින අතර, ඇතැම් ප්‍රදේශවල ගැටුම් හා කැළඹීම් නිරන්තරයෙන් සිදුවෙමින් පවතී. එම පසුබිම යටතේ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම සඳහා විවිධ අවදානම් හා අභියෝග ජය ගැනීමට ධෛර්යය තිබිය යුතු යැයි ෂී ජින් පිං මහතා කියා සිටියේය.
More Stories
12 වන ගෝලීය වීඩියෝ මාධ්‍ය සංසදය ඇරඹේ
චීන මාධ්‍ය සමූහය විසින් පවත්වනු ලබන නව වසරේ චීන වසන්ත උත්සව ප්‍රසංගයේ සුබ සලකුණ එළි දැක්වේ
ප්ලාස්ටික් ද්‍රව්‍ය හේතුවෙන් සිදු වන පරිසර දූෂණය පිළිබඳ අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුවේ පස්වන රැස්වීම අවසන් වේ