පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට සහල් කැඳ වීදුරුවක්

පාසල් දරුවන්ට කිරි වීදුරුවක් වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබාදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබෙනවා.


රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කළ යෝජනාවට කෘෂිකර්ම අමාත්‍යංශය එකඟතාවය පළ කර තිබේ.

වත්මන් පාසල් දරුදැරියන් අතර මන්දපෝෂණය. අධිපෝෂණය වැනි පෝෂණ ඌනතාවයන් පවතී. අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝනොවන රෝග ව්‍යාප්තිය ද පාසල් දරුවන් අතර ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතීම ගැටළුවකි.

මෙම ගැටළු වලට පිළියමක් ලෙස වස විසෙන් තොර පාරම්පරික දේශීය සහල් වලින් කැඳ වීදුරුවක් ලබා දීම වඩාත් වැදගත් බව මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් පෙන්වා දෙන ලදී.


ඒ අනුව, පාසල් දරුවන්ට සහල් කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩසටහනේ ශක්‍යතා අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com