මානව හිමිකම්වලට හානි කරන්නේ යැයි පදනම් විරහිත චෝදනා සිදු කරමින් ඇමරිකාව චීනයේ උසස් තාක්ෂණික සමාගම් දෙකක් සිය තහනම් ආයතන ලැයිස්තුවට එක් කර ඇත. මේ සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කර සිටී.
එම ඊනියා සම්බාධකය මානව හිමිකම් මුවාවෙන් චීන තාක්ෂණික සමාගම්වලට බාධා කිරීමේ උත්සාහයක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය. ඇමරිකාව මානව හිමිකම් ආරක්ෂා කරන බවට වන ප්‍රකාශය අසත්‍යයක් බවත්, එරට චීන ජනතාවගේ සංවර්ධන අයිතීන්ට හානි කිරීම සත්‍යයක් බවත් ඉන් මනාව පෙන්නුම් කෙරේ. ඇමරිකාවේ එම උත්සාහය කිසිදු ලෙසකින් සාර්ථක නොවනු ඇතැයි ද ඇය අවධාරණය කළාය.
ඇමරිකාව සැබෑ ලෙසම මානව හිමිකම් වැදගත් කොට සලකන්නේ නම්, පළමුව කළ යුත්තේ සිය මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ක්‍රියාවන් නිවැරදි කර ගැනීමය. එමෙන්ම මානව හිමිකම් ප්‍රශ්නය දේශපාලනීකරණය සහ යුද ගැටුම් ඇති කිරීම, සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම, එහි අයිතීන්ට හානි කිරීම යනාදී ක්‍රියාවන් වහාම නතර කළ යුතු බව ද Mao Ning මහත්මිය ප්‍රකාශ කර ඇත.
More Stories
චීන ජනපති මැකව් විශේෂ පරිපාලන කලාපයට ළඟා වෙයි
චීන ජනපති සහ චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අතර හමුවක්
චීන මාධ්‍ය සමූහයේ ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු රූපවාහිනී වැඩසටහන් මාලාවක විකාශය ඇරඹේ