චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගීතාවේ මූලික හරය අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලැබීම බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ, චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගීතා ගිවිසුම දිර්ඝ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පසුගිය 13 වනදා දෙරට නියෝජිතයින් බෙයිජිං හිදී අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කර අත්සන් කරමින් “චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගිතා ගිවිසුම ” 2024 වසරේ අගෝස්තු 27 වනදා සිට ඉදිරි වසර 5ක් දක්වා දීර්ඝ කර ඇත.
“චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගිතා ගිවිසුම ” දීර්ඝ කිරීම, දෙරට නායකයන්ගේ හමුවීමේදී එළඹුණු එකඟතාවන් ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරකි. එය දෙරටේම ජනතාවගේ ජයග්රහණයන්ට අනුකූල වන අතර ජගත් ප්‍රජාවේ අපේක්ෂාවන්ට ද ගැලපෙන බව Lin Jian මහතා සඳහන් කළේය. අදාළ ගිවිසුම වඩාත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර, චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගිතාව තුළින් ලබා ගන්නා ජයග්‍රහණ දෙරටට මෙන්ම සමස්ත ලෝකයටම ප්රතිලාභ ලබා දීම සඳහා ඇමරිකාව චීනය සමග එක්ව කටයුතු කිරීම චීනයේ අපේක්ෂාව බවද Lin Jian මහතා ප්‍රකාශ කර ඇත.
More Stories
චීන මාධ්‍ය සමූහයේ ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු රූපවාහිනී වැඩසටහන් මාලාවක විකාශය ඇරඹේ
චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ‘හයිනන් පරිච්ඡේදය’ නිර්මාණය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙස චීන ජනපතිගෙන් උපදෙස්
පදනම් විරහිත තත්ත්වයන් යටතේ චීනයට අපහාස කිරීම වහාම නතර කරන්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි