චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් චීනයේ මැකෞ විශේෂ පරිපාලන කලාපයේ විකාශය කෙරේ.
මැකෞ චීනයට යළි එක්වීමේ 25 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් චීන මාධ්‍ය සමූහය මැකෞ වෙත ප්‍රදානය කළ ගුණාත්මකභාවයෙන් යුත් වැඩසටහන් 11ක් එහි ප්‍රධාන මාධ්‍ය ඔස්සේ අද(16) සිට විකාශය කිරීමට නියමිත ව තිබේ. නව යුගයේ මව්බිමේ දැවැන්ත විපර්යාස හා දීප්තිමත්භාවයෙන් පිරිපුන් චීන සංස්කෘතීන් මැකෞ වැසියන්ට තවදුරටත් පසක් කර දීම එමගින් තහවුරු කෙරෙනු ඇත. එසේ ම, මැකෞ වැසියන් සිය කලාපය හා මව්බිම කෙරෙහි දක්වන අභිමානය ද වඩාත් ප්‍රබෝධමත් වනු ඇති බව විශ්වාසයයි.

මෙම වැඩසටහන් 11 පුළුල් අන්තර්ගතයන් සහිත ය. කාලයාගේ ඇවෑමෙන් මැකෞ හි වෙනස්කම්, චීනයේ සාම්ප්‍රදායික සංස්කෘතික චමත්කාරය සහ චීන මාදිලියේ නවීකරණයේ විවිධ ක්ෂේත්‍ර එමගින් නිරූපනය කිරීම විශේෂත්වයකි.

More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්