චීන ජනපති සහ චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරි Ho Iat Seng මහතා හමු වෙයි. ඒ අද (18) පස්වරුවේ මැකව් හිදී ය.

Ho Iat Seng මහතාගේ නායකත්වය යටතේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ රජය මැකව් සමාජයේ විවිධ පාර්ශ්වයන් එකමුතු කරමින් “එක රටක්, ක්‍රම දෙකක්” ප්‍රතිපත්තිය ස්ථීර ලෙස ක්‍රියාත්මක කර ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීමටත්, ආර්ථික විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීමටත්, එම කණ්ඩායම අඛණ්ඩව උත්සාහ කරමින් සිටින බව ද ඔහු කියා සිටියේය. ඉන් විවිධ නව ප්‍රගතීන් අත්පත් කරගෙන ඇති අතර, සමෘද්ධිමත් සහ ස්ථාවර කලාපීය තත්ත්වයක් තහවුරු වූ ඇති බව ද ෂී ජින් පිං මහතා කියා සිටියේය.

Ho Iat Seng මහතා හා වත්මන් මැකව් විශේෂ පරිපාලන කලාපයේ රජයේ වැඩපිළිවෙල මධ්‍යම රජය පිළිගන්නා බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. Ho Iat Seng මහතා නව ප්‍රධාන විධායක නිලධාරිවරයාට සහ ඔහුගේ කණ්ඩායමට සහයෝගය දක්වනු ඇති අතර, අඛණ්ඩව “එක රටක්, ක්‍රම දෙකක්” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් මැකව් සහ සමස්ත රටේ සංවර්ධනයට දායක වනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින් පිං මහතා සඳහන් කර ඇත.

ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ සහ මධ්‍යම රජයේ විශ්වාසය සහ සහයෝගය වෙනුවෙන් Ho Iat Seng මහතා එම අවස්ථාවේදී සිය කෘතඥතාව පළ කළේය. මධ්‍යම රජයේ ප්‍රබල සහයෝගය යටතේ, ගෙවි ගිය වසර 5 තුළ මැකව් විශේෂ පරිපාලන කලාපයේ රජය සමාජයේ විවිධ පාර්ශ්වයන් සමග කලාපයේ සංවර්ධන කටයුතු නව තලයකට ප්‍රවර්ධනය කර ඇති බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය. කලාපයේ නව රජයට තම සහාය වනු ඇති අතර, මැකාව් සහ රටේ සංවර්ධනය සඳහා අඛණ්ඩව දායක වනු ඇති බව ද Ho Iat Seng මහතා කියා සිටියේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com