යුක්‍රේන ගැටළුව තවදුරටත් උත්සන්න කිරීම ඇමරිකාව වහාම නතර කළ යුතු බව චීනය පවසයි.
එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය උප නියෝජිත Geng Shuang මහතා මේ බව පැවසුවේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (20) පැවති යුක්‍රේන ප්‍රශ්නය පිළිබඳ රැස්වීමකදීය.
ඇමරිකාව අර්ථ විරහිත චෝදනා එල්ල කිරීම නතර කර, චීනය ඇතුළු රටවල් සමග දේශපාලන ක්‍රමයෙන් යුක්‍රේන අර්බුදය විසඳීම ප්‍රවර්ධනය කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
කලාපීය ආරක්ෂාව සහතික කිරීමේ මුවාවෙන් ඇමරිකාව සෙසු රටවල බලය අඩු කිරීමට උත්සාහ කරමින් සිටින අතර, එය ලෝකයට වඩා වැඩි ගැටළු ඇති කරනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. එරට සීතල යුද මානසිකත්වය හා ඒකපාර්ශ්වීය ප්‍රතිලාභ ලබා ගත හැකිය යන මතයන් බැහැර කළ යුතු ය. එමෙන්ම යුක්‍රේන අර්බුදය මගින් සිය භූ දේශපාලන උපායමාර්ග ඉටු කර ගැනීමේ උත්සාහය අත්හැර, යුරෝපා මහාද්වීපයේ යළි සාමය හා ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අවංකව කැප විය යුතු බව Geng Shuang මහතා අවධාරණය කර ඇත.
More Stories
යුක්‍රේන අර්බුදය විසඳීමේ ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීම සඳහා “ගෝලීය දකුණේ” රටවලට චීනයේ සහය
මැදදුර මිසයිල පද්ධතිය කලාපීය ගැටුම් ඇති කිරීමට අනුබල දෙන්නක් වන බැවින් එය වහා ඉවත් කරන්නැයි චීනය පිලිපීනයෙන් ඉල්ලයි
අසත්‍ය වාර්තාවලින් හොංකොංහි කටයුතු හා චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම වහාම නතර කරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියි