චීන රාජ්‍ය මණ්ඩලයේ ප්රවෘත්ති කාර්යාලය පස්වන ජාතික ආර්ථික සංගණනයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරයි.
2023 වසරේ දෙසැම්බර් 31වැනිදා දක්වා එම වසරේ ආර්ථික දත්ත පදනම්ව එය සකස් කර තිබේ. චීනයේ ද්විතීයික සහ තෘතීයික කර්මාන්ත ක්‍රියාකාරකම්වලට අයත් සියලු ලියාපදිංචි ආයතන, කාර්මික ක්‍රියාකාරකම් ඒකක සහ ස්වයං රැකියාවක් හිමි පුද්ගල සංඛ්‍යාව ඊට අයත්වෙයි.
2023 වසර අවසානයේ දී චීනය පුරා ද්විතීයික සහ තෘතීයික කර්මාන්ත ක්‍රියාකාරකම්වල නියැලී සිටින ලියාපදිංචි ආයතන සංඛ්‍යාව මිලියන 33.27 ක් බවයි. 2018 වසරේ අවසානයට සාපේක්ෂව එය 52.7% ක වර්ධනයකි. ද්විතීයික හා තෘතීයික කර්මාන්තවල මිලියන 428.984 ක ජනතාවක් සේවයේ නිරතව සිටින අතර එය 11.9% ක වැඩිවීමක් බව අද (26) පස්වරුවේ චීන රාජ්‍ය මණ්ඩලයේ ප්රවෘත්ති කාර්යාලය පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ. ස්වයං රැකියාවක් හිමි පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 87.995 ක් වන අතර ඊට සමස්ත සම්බන්ධ සේවකයින් සංඛ්‍යාව මිලියන 179.564 කි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි