මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියකුට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් මාසිකව මුදල් ගෙවා ඇති බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.
මෙම මුදල් ලබා දී ඇත්තේ, පොලිස් මත්ද්‍රවය නාශක කාර්යාංශය විසින් සැලැසුම් කරනු ලබන වැටලීම් පිළිබඳව තොරතුරු කලින් දැන ගැනීම සඳහායි.
වැලිකඩ සිරකරු ඝාතන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකූඩුවේ සිට සිය විත්තිවාචකය ඉදිරිපත් කරන අතවරවාරයේ ඔහු මෙම තොරතුරු අනාවරණය කළා.
පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැලැසුම් කරන මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා විසින් සූක්ෂම අවධානයකින් පසු වූ බවයි.
එම කාර්යාංශය විසින් සැලැසුම් කරනු ලබන වැටලීම් පිළිබඳව කලින්ම තොරතුරු ලබා ගැනීම සඳහා වෙලේ සුදා මෙලෙස මාසිකව රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ගෙවා ඇත්තේ එම කාර්යාංශයේ සේවය කළ පොලිස් කොස්තාපල් පෙරේරා නමැති නිලධාරියාට බවද ඔහු සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා වෙලේ සුදා නමැති ජාවාරම්කරුට තොරතුරු ලබා දුන් එම පොලිස් කොස්තාපල්වරයා පසුව අත්අඩංගුවට ගත් බවයි නියොමාල් රංගජීව මහතා අධිකරණයට දන්වා සිටියේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ